• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉතිහාසයේදීවත් මේතරම් වැඩ කරපු ආණ්ඩුවක් නෑ – ඇමැති දුමින්ද

2 October 2018
in දේශීය

ගොවි ජනතාව වෙනුවෙන් ,ගොවිතැන වෙනුවෙන් , ගොවීන්ගේ අනාගතය වෙනුවෙන් මෙතරම් වැඩ කොටසක් කළ ආණ්ඩුවක් පහුගිය ඉතිහාසයේම නොමැති බවත්, ඉදිරියටත් ගොවියා වෙනුවෙන් පමණක් නොව සියළු ජනතාව වෙනුවෙන් කළයුතු සියළු දේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව සිදු කරන බව වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ දායකත්වය යටතේ තලාව හිඟුරුවැව හා ආචාරියාගම වැව ප්‍රථිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්. එහිදී ප්‍රදේශයේ ජනතාව වෙත වියළි ආහාර මලු බෙදා දීම, රතු කුරුස සංවිධානයේ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන යටතේ ජල ෆිල්ටර් හා ප්‍රථමාධාර භාණ්ඩ කට්ටල බෙදා දීම, ජනතාවගේ ගෙවතු වගා කටයුතු සඳහා පැළ බෙදා දීම හා ප්‍රදේශයේ ගොවි සමිති සඳහා මුල්‍ය ආධාර ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” අපි ඉතා දැඩි නියඟයක ඉන්නේ, බොන්න-නාගන්න-වගා කරන්න වතුර නෑ, ලංකාවේ පවුල් හාර ලක්ෂ විසි පන් දහසක් පමණ නියඟය නිසා අසීරුවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමන් තීන්දුවක් ගත්තා ඒ පවුල් සියල්ල වෙනුවෙන්ම මාස 04 කට අවශ්‍යය කරන වියළි ආහාර මල්ල ලබා දෙන්න මිලියන 9000 ක් ආණ්ඩුවෙන් වෙන් කරලා තියෙනවා.ආපදා කළමණාකරන අමාත්‍යංශය ඒ සඳහා අවශ්‍යය මුදල් නිකුත් කරනවා.ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම නියඟයෙන් පිඩා විදින පවුල් සඳහා රුපියල් 5000 ක වියළි ආහාර මල්ල ලබා දෙන්න අපි කටයුතු කරනවා.අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චියෙන් ඒ ආහාර මල්ල බෙදීම ආරම්භ කළා.නියඟයක්, ගංවතුරක්, සුළි සුළගක් ආවත් මොන පොදු ව්‍යසනයක් ආවත් මේ ආණ්ඩුව තරම් සහනාධාර බෙදපු වෙනත් ආණ්ඩුවක් නෑ, හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ සහනාධාර මලු බෙදන්නේ අපි ඇවිත් නෙමෙයිනේ, ජනාධිපතිතුමා තීන්දු කරනවා, ආපදා කළමණාකරන අමාත්‍යංශයෙන් දිසාපතිතුමන්ට මුදල් එවනවා, දිසාපතිතුමන් ප්‍රාදේශිය ලේකම්තුමන්ලාට එවනවා, ප්‍රාදේශිය ලේකම්තුමන්ලා සමූපකාරවලට බඩු ටික බෙදන්න කියනවා.සමහරු රුපියල් 5000 ක බඩු මල්ලත් කරේ තියාගෙන ආණ්ඩුවට බැණ බැණ තමයි යන්නේ.මේ රටේ ජනතාව පුරුදු වෙලා ඉන්නේ දේශපාලඥයෙක් දැක්කොත් විතරයි ඒක ආණ්ඩුවේ වැඩක් කියලා හිතන්නේ.ආණ්ඩුව තීන්දුවක් අරගෙන ඒ මුදල් ටික එව්ව නිසා තමයි ප්‍රාදේශීය ලේකම්තුමන් හෝ ග්‍රාම නිළධාරී, සංවර්ධන නිළධාරී, සමෘද්ධි නිළධාරී කවුරු හරි අතින් බෙදුවට මේ සඳහා තීන්දුව ගන්නේ, මුදල් දෙන්නේ ආණ්ඩුවෙන්.හැබැයි අපේ අය පුරුදු වෙලා ඉන්නවා අර 5000 ක බඩු මල්ල කරේ තියාගෙන ආණ්ඩුවටත් දෙකක් කියලා තමයි යන්නේ.හැබැයි ඒක දුමින්ද දිසානායක ඇවිත් බෙදුවා නම් කියයි අන්න අපිට බඩු මල්ල දුන්නේ දුමින්ද ඇමතිතුමා තමයි කියලා.ආණ්ඩුවට ජනතාව නගා සිටුවන්න තියෙන උවමනාව නිසා තමයි ආණ්ඩුව මෙතරම් මුදලක් වියදම් කරලා තියෙන්නේ.පහුගිය අවුරුදු කීපයේ මණක් රුපියල් මිලියන 39 000 ක් පමණ වැය කරලා තියෙනවා සහනාධාර බඩු බෙදන්න විතරක්.ජලය නොමැති ප්‍රදේශවලට ජලය ලබා දෙන්න, ජල ටැංකි හා බවුසර් ලබා දෙන්නත් විශාල මුදලක් අපි වැය කරලා තියෙනවා.මේවා හැබැයි මාධ්‍ය වල යන්නෙත් නෑ, ජනතාව කථා කරන්නෙත් නෑ.ජනතාවගේ පැත්තෙන් මොන අඩුපාඩුව තිබ්බත් ආණ්ඩුවක් ලෙස ඉදිරියටත් ගමේ සංවර්ධනය සඳහා මෙන්ම ජනතාවට සිදුවන ඕනෑම ආපදාවකදී ලබා දිය යුතු සියළු සහයෝගය අතිගරු ජනාධිපතිතුමන් ජනතාව වෙනුවෙන් ලබා දෙනවා.ගොවි ජනතාව වෙනුවෙන් මෙතරම් විශාල වැඩ කොටසක් කරපු වෙනත් ආණ්ඩුවක් නෑ.අපි කලින් ආණ්ඩුවෙත් හිටියා අවුරුදු ගණනක්, අපි අවුරුදු 20 ක් ආණ්ඩු කළා, ගොවිතැන වෙනුවෙන් , ගොවීන්ගේ අනාගතය වෙනුවෙන් මෙතරම් වැඩ කොටසක් කරපු ආණ්ඩුවක් පහුගිය ඉතිහාසයේම නෑ.ඒ නිසා ඉදිරියටත් ගොවියා වෙනුවෙන් පමණක් නොව සියළු ජනතාව වෙනුවෙන් කළයුතු සියල්ලම කරන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එක්ක මේ ආණ්ඩුව කටයුතු කරනවා යැයිද පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ ජාතික සංවිධායක ජගත් අබේසිංහ මහතා ඇතුළු රතු කුරුස සංවිධානයේ නිළධාරීන්,ප්‍රාදේශිය දේශපාලඥයින් ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

 

Post Views: 7
Previous Post

මල්වතු පාර්ශවයේ අති පුජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නා හිමියන් අපවත් වේ

Next Post

යාපනයේ ප්‍රශ්න 140,000කට විසඳුම් – ඇමැති වජිර කියයි 

editor

editor

Next Post

යාපනයේ ප්‍රශ්න 140,000කට විසඳුම් - ඇමැති වජිර කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved