• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉතිහාසයේ පලමුවරට මෙරට ව්‍යවසායකයින්ට ඩිජිටල් දත්ත ගබඩාවක්

11 February 2019
in ව්‍යාපාර

දිවයින පුරා විසිර සිටින සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයිගේ තොරතුරු කඩිනමින් ලබා ගැනීම හරහා ඔවුන්ගේ ව්‍යාපාර ජනතාව අතරට ගෙන යෑමේ අරමුණින් එම ව්‍යවසායකයින්ගේ තොරතුරු ඇතුලත් ඩිජිටල් දත්ත ගබඩාවක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) හරහා ස්ථාපිත කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඉතිහාසයේ පලමු වරට මෙවැනි දත්ත ගබඩාවක් ආරම්භ කෙරෙන අතර ,මෙවැනි දත්ත ගබඩාවක් ස්ථාපිත කිරීමට ප්‍රථම මෙම ව්‍යවසායකයින්ගේ තොරතුරු සම්ප්‍රධායානුකූලව ලිඛිතව ගබඩා කර තිබුනු අතර කාලය හා ශ්‍රමය ඉතිරිකර වඩාත් ශක්තිමත් ව්‍යවසායක ජාලයක් බිහිකිරීමේ අරමුණින් නවතම තාක්ෂණයට අනුගතවෙමින් මෙම ඩිජිටල් දත්ත ගබඩාව සැකසීමට තම අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මෙලෙස පියවර ගත්බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාව තුළ සිටින සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ගෙන් ලක්ෂ එකහමාරක පමණ පිරිසක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සමග සෘජුව කටයුතු කරනු ලබයි.ව්‍යවසායකයින්ගේ තොරතුරු මෙලෙස ජාලගත කිරීම හරහා ඔවුන් අතර ව්‍යාපාරික තොරතුරු බෙදා ගැනීම ,තාක්ෂණික දැනුම හුවමාරුකර ගැනීම,වෙළඳාම ආශ්‍රිත කටයුතු ,බැංකු කටයුතු පහසු කරගැනීම ආදිය ඉතා කාර්යක්ෂමව කර ගැනීමට දේශීය ව්‍යවසායකයින්ට අවස්ථාව උදාවෙයි.

මෙම ඩිජිටල් දත්ත ගබඩාව සැකසීමට සමගාමීව ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ රාජකාරීකටයුතු කරනු ලබන සංවර්ධන නිළධාරීන් දෙසීය පනහක(250) පිරිසකට පරිඝණක ටැබ් යන්ත්‍ර ලබාදීමක්ද සිදුවන අතර මෙම ව්‍යවසායකත්ව තොරතුරු ජාලගත කිරීමේ ව්‍යපෘතිය සඳහාවැයවන රුපියල් මිලියන තිහක මුදලින් මෘදුකාංගය සඳහා වන පිරි වැය සිංගප්පූරු සමාගමක් විසින් දරනු ලබයි.

Post Views: 4
Previous Post

එජාපයට නව ආසන සංවිධායකවරුන් පත් කරයි ..! රූකාන්තට ආසනයක්

Next Post

රට ඉදිරියට යන්නනම් ශක්තිමත් ව්‍යාපාරික පන්තියක් ඕනෑ බව ඇමැති පාඨලි කියයි

editor

editor

Next Post

රට ඉදිරියට යන්නනම් ශක්තිමත් ව්‍යාපාරික පන්තියක් ඕනෑ බව ඇමැති පාඨලි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved