• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිකිරීම් අවසන් අදියරේ පවතින ජල ව්‍යාපෘති කඩිනම් කර ජනතා අයිතියට – ජනපති

16 June 2022
in දේශීය

ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මහා සහ කුඩා පරිමාණ ජල ව්‍යාපෘතිවල වැඩ කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කෙරේ. එම ව්‍යාපෘති පිළිබඳ මතුව ඇති ගැටලු හැකි ඉක්මණින් නිරාකරණය කර ගැනීමට ද තීරණය විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (15) පස්වරුවේ පැවති ජල සම්පාදන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මෙම කරුණු සඳහන් කෙරිණ.

දේශීය සහ විදේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී ජනාධිපතිවරයා විමසීය.

දේශීය සහ විදේශීය අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක මහා, මධ්‍ය සහ සුළු පරිමාණ ජල ව්‍යාපෘති ගණන 2337කි. ඉන් බොහොමයක් සාර්ථක ප්‍රගතියක් අත් කරගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.

2019 වසරේ සිට මේ දක්වා නව ජල සම්බන්ධතා 467,808ක් ලබා දී ඇති අතර 2025 වසර වන විට ඉලක්කගත සමස්ත පවුල් ඒකක ගණන 5,946,352 කි. ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ජාතික ප්‍රජා ජල සැපුයම් දෙපාර්තමේන්තුව විසින් ගම සමග පිළිසඳර වැඩසටහනේ දී යෝජිත ව්‍යාපෘති 84ක් ඇතුළුව නව ගම්මාන ආශ්‍රිත ප්‍රජා ජල ව්‍යාපෘති 704ක් ක්‍රියාවට නංවා තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල සහ ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාව හා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තු පනත සම්මත කර ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

වාණිජ්‍ය පරමාර්ථයෙන් ක්‍රියාත්මක මහා පරිමාණ නළ ළිං වලින් පරිසරයට වන හානිය අවම කර ගැනීම, නළ ළිං, වළ ළිං සහ කෘෂි ළිං පිළිබඳ පූර්ණ සංගණනයක් සිදු කිරීම, මහා පරිමාණ ඉඩම් කැබලි කිරීමේ දී භූගත ජලය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සැලසුම් ද සකස් කිරීමට ද තීරණය විය.

2022 අප්‍රේල් මස වන විට ගෘහස්ථ, වාණිජ ආයතන, රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු සියලුම පාරිභෝගිකයින් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය වෙත ගෙවිය යුතු හිඟ මුදල රුපියල් මිලියන 7500කට ආසන්න බව නිලධාරීහු සඳහන් කළහ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග යන මහත්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ සේනාවිධායක සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

Next Post

තරුණ වගා අරගලය අරඹමු – අමාත්‍ය රොෂාන්

editor

editor

Next Post

තරුණ වගා අරගලය අරඹමු - අමාත්‍ය රොෂාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved