• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුරු නැගෙනහිර සංවර්ධනයට මෙවර අයවැයේදී අවධානය යොමු වීම ගැන සතුටුයි

6 March 2019
in දේශීය

උතුරු නැගෙනහිර සංවර්ධනයටත්, යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචිකිරීමටත්, මෙවර අයවැයේදී අවධානය යොමු කිරීම පිළිබඳව ආණ්ඩුවට ස්තූතිවන්ත වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2019 වසර සඳහා වූ අයවැය යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

අමාත්‍යවරයා කියා සිටියේ මෙවර අයවැයෙන් රජයේ සේවකයින්ට ,ගොවීන්ට ඇතුලු සමස්ත රටේ සාමාන්‍ය ජනතාවට සහන රැසක් ලැබී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” මෙවර ඉදිරිපත් කළේ ජනතාවාදී අයවැයක්. මෙවර අයවැයේදී සාමාන්‍ය ජනතාවට මේ රජය සහන රැසක් දෙන්න කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. මේ යෝජනා එළඹෙන අගෝස්තු මාසයට පෙර ක්‍රියාත්මක කරන්න පුලුවන් වේවි යැයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් විදියට අපි විශ්වාස කරනවා.

විශේෂයෙන් උතුරු නැගෙනහිර සංවර්ධනයටත්, යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචිකිරීම වෙනුවෙන් මෙවර අයවැයේදී ඉඩක් වෙන් කිරීම පිළිබඳව අපි ආණ්ඩුවට ස්තූතිවන්ත වෙනවා.සෑම දෙනෙකුටම සමව සලකන්න ආණ්ඩුව ගන්න මේ උත්සාහය ප්‍රශංසනීයයි. පෙර වසරේ (2018) අයවැය යෝජනා නිවැරදි ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ කියන මතයේ පිරිසක් ඉන්නවා.ඒකට හේතුව ලෙස මම දකින්නේ පසුගිය ඔක්තෝබර් මාසයේ රට තුළ හදිසියේ ඇතිවූ දේශපාලන අස්ථාවර භාවයයි.මේ කාලය තුළ රටේ සංවර්ධනය අඩාලවුණා.අපිට ජනතාවට සේවයක් කරන්න බැරිවුණා. සංවර්ධනාත්මක වගේම ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳව මුදල් අමාත්‍යවරයාට වගේම රජයටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයයේ නායකයා ලෙස මෙන්ම රජයේ කැබිනට් අමාත්‍යවරයකු ලෙසටත් මා ස්තූතිවන්ත වෙනවා. යැයි අමාත්‍යවරයා පැවසිය.

 

Post Views: 26
Previous Post

ලොකු සද්ද නෑ වැඩ ඉවරයි – ඇමැති පාඨලි

Next Post

මේක විපක්ෂය නැතිවෙන අයවැයක් – ඇමැති රවි කියයි

editor

editor

Next Post

මේක විපක්ෂය නැතිවෙන අයවැයක් - ඇමැති රවි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved