• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපයේ අර්බුධ උග්‍ර වෙයි … පිල් තුනකට කැඩෙයි …

18 May 2019
in දේශීය

රටේ පසුගිය දිනවල ඇති වු සිදුවීම් හමුවේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්ණ කිහිපයක් හට ගෙන ඇති බව වාර්තා වේ. එම පක්ෂයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේ පක්ෂය මේ වන විට පිල් තුනකට කැඩී ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ ඇතැම් කණ්ඩායම් එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමේදී යම් තීරණයක් ගැනීමට කටයුතු කරනු ඇති.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා කරු ,නවින්, රවි, පාඨලි ඇතුළු කණ්ඩායම බෙදී තිබේ. ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීමට ගත යුතු හොඳම අවස්ථාව මෙලෙස එජාපයේ කණ්ඩායම ලෙස වෙන්ව කටයුතු කිරීම බව වාර්තාවේ. කෙසේ නමුත් මෙම ජනාධිපතිවරණ සටනට සජිත්ව සම්බන්ධ නොකර ගැනීමට කටයුතු කර ඇත. ඒ සජිත්ට ජනාධිපතිවරණයට වඩා පක්ෂ නායකත්වය වැදගත් නිසාවෙනි. 

පක්ෂයේ අභ්‍යන්තර පක්ෂ උග්‍ර තත්ත්වයට පත්ව ඇත්තේ වැලිගම නගර සභාවේ සභාපති රොහාන් ඩී. විජේරත්න ජයවික්‍රම විසින් මාධ්‍ය වෙත ලිපියක් යොමු කිරීම හේතුවෙන්. එජාපයේ මහලේකම් අකිල විරාජ්කාරියවසම් මහතා විසින් කියා සිටියේ පක්ෂයේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිකුත් කල ලිපිය සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් පැවැත්විය යුතු බවයි.

නමුත් මේ වන විට එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇතැම් පසුගාමි ක්‍රියාවන් හමුවේ එජාපයේ තරුණ මන්ත්‍රීවරුන් දැඩි කලකිරිමකින් සිටින බව විශ්වාසනීය තොරතුරු සපයන්නා අප වෙත කියා සිටියේය. පසුගිය කාලයේදී මෙන් නොවන මෙවර පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මෙම ක්‍රියාවන් සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනයන් සිදු කිරීමට කටයුතු කරන බවත් එජාපයේ නායකත්වය නව නායකයෙක් පත් කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

මේ වන විට රනිල්ගේ පැත්තේ සිටින්නේ සාගල මෙන්ම අකිල වැනි බොහෝම සුළු පිරිසක් බව එජාපයේ අභ්‍යන්තර තොරතුරු සපයන්නා කියා සිටියේය. රනිල් විරෝධි පිල් දෙකක් මේ වන විට රනිල්ට විරෝධය පාමින් ඔහුට අභියෝගයට ලක් කරමින් කටයුතු කරන බව දැන ගන්නට ඇත.

ආණ්ඩුවක් වශයෙන් පක්ෂයට හෝ 2015 දී ලබා දුන් මැතිවරණ පොරොන්දු නිසි ලෙස ඉටු නොකර ඉදිරි මැතිවරණයට මුහුණ දීමට නොහැකි මට්ටමක සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් ඉදිරි දින කිහිපයේදී රනිල් විරෝධි කණ්ඩායමට එක්වනු ඇති බව වාර්තා වේ.

Post Views: 6
Previous Post

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

Next Post

අද නිදහස ලැබු සියළු දෙනාගේ අනාගතය ගොඩනැගීමට උදව් කරන බව ජනපති කියයි

editor

editor

Next Post

අද නිදහස ලැබු සියළු දෙනාගේ අනාගතය ගොඩනැගීමට උදව් කරන බව ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved