• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාප පාක්ෂිකයාව ජනපතිට අමතකයි – අකිල කියයි

6 December 2018
in දේශීය

එක්සත් ජාතික පක්ෂය දිය කිරීම සඳහා වැඩපිළිවෙල සකස් කිරීමට ජනාධිපතිවරයා පසුගිය කාලසිමාව තුළ කටයුතු කළ අතර ඔහුට ඡන්දය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් පවා අමතක කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මූලස්ථානයේ දී පැවැති එක්සත් ජාතික පක්ෂය අනුබද්ධ ආයතන සංවිධානය කොට නැවත ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කර ලද විශේෂ රැස්වීමක දීය.

වර්තමානයේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී පක්ෂයත්, ප්‍රජාතන්ත්‍රවාදයත්, රටක් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සහ කැප කිරීම් තමා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ලෙස කෘතවේදීව සිහිපත් කරන බව හෙතෙම පැවසිය.

ඇතැම් අවස්ථාවල දී තමා වෙනුවෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොවන පුද්ගලයින් පවා මේ මොහොතේ පක්ෂය වටා එක් වෙමින් විශාල කැප කිරීමක් සිදු කරන බව ද මහ ලේකම්වරයා එහිදී පෙන්වා දුන්නේය.

පසුගිය කාලය මුළුල්ලේ ම එක්සත් ජාතික පක්ෂය විසින් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් බොහෝමයකට ජනාධිපතිවරයා විසින් අකුල් හෙලමින් කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වයක් වූ බවත්,බොහෝ අවස්ථා වලදී ජනතා ප්‍රසාදය එක්සත් ජාතික පක්ෂයට ලැබේය යන බිය හේතුවෙන් මෙ⁣ම බාධා කිරීම සිදුකළ බව පැහැදිලි වන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

 

 

Post Views: 12
Previous Post

ඒකාධිපති රාජ්‍යයක් කරන්නේ සිරිසේන ජනාධිපතිවරයායි – මංගල කියයි

Next Post

අපි ආප්ප පිච්චුවා – රනිල් කියයි

editor

editor

Next Post

අපි ආප්ප පිච්චුවා - රනිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved