27 April 2024
#දේශීය

අපි ආප්ප පිච්චුවා – රනිල් කියයි

බිත්තර ආප්ප පුච්චන තාච්චිය කතා කරන ලෙස තමා ඇතුළු සියළු දෙනා එක්ව ආප්ප පිව්වු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙයවන ලද විවෘත සංවාද අවස්ථාවට එක්වෙමින්.

මේ සිද්ධියෙන් පසු සියළු දෙනාගෙන් මා විමසා සිටියා මා නැවත ගෙදරට යන්නද කියා. නමුත් ඒ හැමෝම කියා සිටියේ ඔබතුමා ගෙදර නොගිහින් මේ සටන අවසන් වනතෙක් අප සමඟ ඉදිරියට යා යුතු බවයි. එවැනි ශක්තියක් අපේ ජනතාව තුල තිබෙනවා. විශාල පිරිස් අපේ රැස්වීම්වලට සහභාගි වුණා. අප සමග සිටින අනෙක් පක්ෂවල අයත් රැස්වීම්වලට සහභාගි වුණා. මේ තුලින් අපට පැහැදිලි වන්නේ ගතවූ අවුරුදු තුන තුළ දී අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර තිබෙන බවයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සම්මේලනයේදී මම දේශපාලන කරුමයක් කියා කිව්වා. මට දොස් කිව්වා. බැන වැදුනා. අවලාද නැගුවා. මට එල්ල කළ ඒ සියලූ චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා. මං මගේ සංස්කෘතිය අනුව ඊට පිළිතුරක් දීමට කැමතියි. අනෙක් අයගේ සංස්කෘතිය ගැන මට කියන්න බැහැ.

මගේ සංස්කෘතියට අනුව මා පිළිතුරු දෙන්නේ සංයුක්ත නිකායේ ආකෝෂ සූත්‍රයෙනුයි. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩසිටි කාලයක ආකෝෂ පරිබ්‍රාජක බමුණා ගොස් බුදුන් වහන්සේ මුණ ගැසුණා. ඔහු බුදුරජාණන් වහන්සේට බැන්නා. අවලාද නැගුවා. දොස් කිව්වා. ඒ සියල්ලටම ඇහුම්කන්දී අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බමුණ ඔබට මිත්‍රයින් ඉන්නවාද, නෑදෑයින් ඉන්නවාද, දන්න අය ඉන්නවාද කියා ඇසුවා. එහිදි ආකෝෂ බමුණා කියා සිටියේ මට මිත්‍රයින්, නෑදෑයින් හා දන්නා අය සිටින බවයි. ඒ අය ඔබේ නිවසට පැමිණියාම ආහාර දෙනවද, සංග්‍රහ කරනවාද කියා බුදුන් වහන්සේ විමසා සිටියා. ඔව්. මට එලෙස සංග්‍රහ කරනවා කියා ආකෝෂ බමුණා ප්‍රකාශ කළා. කව්රුහරි ඒ ආහාර බාර ගන්නේ නැත්නම් අනුභව කරන්නේ නැතිනම් කාටද එය අයිති කියා බුදුන් වහන්සේ විමසා සිටියා. එය මට අයිතියි කියා ආකෝෂ බමුණා ප්‍රකාශ කලා. ඒ අවස්ථාවේ මෙම ෙදාස් කිව්වේ නෑ. මට දොස් කිව්වා. මා අවලාද කළේ නෑ. මට අවලාද කළා. මා නින්දා කළේ නෑ. මට නින්දා කළා. මේ අවලාද, නින්දා, සියල්ල බමුණා ඔබට භාරයි කියා බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළා. මටත් කියන්න තියෙන්නේ ඒකමයි. බමුණ..! මට කළ අවලාද, බැණුම්, නිග්‍රහ සියල්ල ඔබට බාරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *