• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එළිපිට කතා කුමක් වුවත් රනිල් ඉදිරියටත් පක්ෂනායකම තමයි : සජිත්ගෙන් පොරොන්දුවක්…

10 November 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර බල අරගලය හමුවේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් පේමදාස විසින් දිනාගනු ලැබුවද. යම් හෙයකින් ඔහුගේ පාලනයක් යටතේ වුව පක්ෂ නායකත්වය හා අගමැති ලෙස කටයුතු කරන්නේ කවුරුන්ද යන්න පැහැදිලි කරගැනීමට බොහෝ දෙනා විමසීම් කරමින් සිටියි.

 

මේ පැනය විපක්ෂ දේශපාලන වේදිකාවෙන් මෙන්ම මාධ්‍යවේදීන්ගෙන් ද නිරන්තරයෙන් සජිත් පේමදාස මහතා වෙත එල්ලවී ය. ඒ වෙනුවෙන් එළිපිට නිශ්චිත පිළිතුරක දීමට සජිත් පේමදාස මහතා හෝ ඔහුගේ පාර්ශවය අතීශය මැළිකමක් දක්වන්නේ, රනිල් වික්‍රමසිංහ මහතාට ඇති ජන අප්‍රසාදය හේතුවෙන් බවත්, කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ අත්හැරීමට සූදානම් නැති බවත් ආසන්නව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ වසන්ත සේනානායක මහතා ද ඊයේ පොළොන්නරුවේදී ප්‍රකාශ කර ඇතැයි ද වාර්තාවෙයි. 

කෙසේ වෙතත්, අද වනවිට රනිල් හා සජිත් අතර වන එකඟතාවක් පිළිබඳව ප්‍රසිද්ධ මාධයයන්ට තවත් කරුණු ගණනාවක් වාර්තාවෙමින් පවතී. මේ අර, සජිත් පාර්ශවය විසින් මීළග අගමැතිවරයා සම්බන්ධයෙන් විවිධ කටකතා නිර්මාණය කරමින් ප්‍රචාරය කරන්නට ද වෙර දරන බවක් ද දක්නට හැකිය. ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නාමය ද ඊට එක් කර තිබීම මෙහි අලුත් ම තත්ත්වයයි. රනිල් වික්‍රමසිංහ හේතුවෙන් තමන්ට ගිලිහී යන එක් ඡන්දයක් හෝ රැකගැනීම පිණිස මෙවන් කටකතා ප්‍රචාරය වැදගත් බව ද සජිත් පාර්ශවය විසින් තම හිතවතුන්ට දන්වා ඇත.

මෙයට සමගාමීව වාර්තාවන්නේ අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අර්බුදයක් මවා පෑමට ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ඇති කර ගත් එකඟත්වයක් මත බවයි.

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස කරන ප්‍රකාශවලට පරස්පර වූ ප්‍රකාශ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන්නේ ද එම එකඟතාව මත වෙයි.

තමන් ජනාධිපති ධුරයට පත් වුවහොත් පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත හැකි පුද්ගලයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පසුගිය බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ ඡන්ද සජිත් ප්‍රේමදාසට ලබා ගැනීමේ අරමුණින් මෙලෙස අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය කර ඇත. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වුවහොත් මහ මැතිවරණය වන තෙක් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කිරීමට ඉඩ ලබා දීමට සජිත් ප්‍රේමදාස එකඟ වී ඇත. මහ මැතිවරණයෙන් පසු තමන්ට කැමැති අග්‍රාමාත්‍යවරයා පත් කර ගැනීමට සජිත් ප්‍රේමදාස තීරණය කර ඇතැයි ද සජිත් පාර්ශවයට ඒත්තුගන්නවා තිබේ.

එක්සත් ජතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වුවහොත් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහට කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොමැති බවයි. පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමට වික්‍රමසිංහ කටයුතු කර ඇති බව මහලේකම්වරයා සඳහන් කරයි.

* සටහන : අකලූෂ විද්‍යාතිලක

Post Views: 30
Previous Post

කැබිනෙට්ටුවටත් – ගුවන් හමුදාවටත් හොරෙන් ගුවන්හමුදාවේ අලුත්වැඩියා රුසියාවට බාරදෙයි….

Next Post

තමන්ගේම නිවසක සිහිනය සැබෑ කරනවා – ගෝඨාභය රාජපක්ෂ

editor

editor

Next Post

තමන්ගේම නිවසක සිහිනය සැබෑ කරනවා - ගෝඨාභය රාජපක්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved