• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඒකාධිපති රාජ්‍යයක් කරන්නේ සිරිසේන ජනාධිපතිවරයායි – මංගල කියයි

6 December 2018
in දේශීය

ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රට වූ ශ්‍රී ලංකාව සීග්‍රයෙන් ඒකාධිපති රාජ්‍යයක් කර පරිවර්ථනය වෙමින් පවතීන බවත් ඒ සඳහා මූලිකවම වගකිව යුත්තේ සිරිසේන ජනාධිපතිවරයාය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

සමරවීර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ මොහොතේ සියළුම ජනතාව පෙළ ගැසී මෙම ව්‍යවස්ථා උල්ලංඝනය නතර කිරීමට එක්විය යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඔක්තෝබර් 26 වෙනිදා කුමන්ත්‍රණකාරීවත් ව්‍යවස්ථා විරෝධීවත් පත්කළ අගමැති ඇතුළු ඇමති මණ්ඩලයට විරුද්ධව ඉදිරිපත් වූ පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය පසුගිය 3 වෙනිදා අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නේය. තහනම් නියෝගය ලබාදී මේ වන විට පැය 48කට වඩා කාලයක් ගතවී ඇති නමුත් රජයක් ස්ථාපිත කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැත. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව, අපේ නිදහස් ඉතිහාසයේ පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ද රජයක් නොමැති ප්‍රථම රට බවට පත්ව ඇත.

රජයක් නොමැති වීම ඉතා සරල දෙයක් ලෙස සලකන ජනාධිපතිවරයා, පසුගිය 4 වෙනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ජනතාව නොමග යැවීමේ අරමුණින් ඔහුගේ නූගත්කම සහ නොදන්නාකම ලෝකයටම ප්‍රදර්ශනය කළේය. ඔහු එහිදී කියා සිටියේ, රජයක් නොමැති වීම ලංකාවට අලුත් දෙයක් වුවත් ලෝකයේ වෙනත් රටවල මෙවැනි තත්ත්වයන් පවතින් බවය.
ඔහු ඒ සඳහා උදාහරණයට ගන්නේ ජර්මනියයි. ජර්මනියේ පසුගිය මහ මැතිවරණයෙන් පසුව මාස 6ක් තිස්සේ රජයක් නොතිබූ බව පවසා, මේ රට තුළ ඔහු විසින් සිදුකළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීමේ අසාර්ථක උත්සාහයක නිරත විය.

ජර්මනියේ මහ මැතිවරණය 2017 සැප්තැම්බර් මස පැවැත් වුවද එහිදී කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතර බලයක් හිමි කර ගැනීමට නොහැකි විය. ඒ තත්ත්වය තුළ ස්ථාවර ආණ්ඩුවක් බිහිකර ගැනීමේ අරමුණින් මාස කිහිපයක් තිස්සේ සාකච්ඡා වට ගණනාවකින් පසු අවසානයේ 2018 මාර්තු මාසයේ දී ස්ථාවර රජයක් පිහිටු විය. රජයක් නොතිබූ කාලය ලෙස ජනාධිපතිවරයා හඳුන්වන මෙකී කාලය පුරාවට රටේ පාලන කටයුතු මෙහෙය වූයේ ජර්මනියේ චාන්සලර්වරිය (අගමැති) ලෙස ඇන්ජලා මර්කර් මහත්මිය සහ ඇගේ කැබිනට් මණ්ඩලයයි.

එපමණක් නොව එරට විශ්වාසභංග යෝජනාවකින් පසුව එක දිනක් හෝ රජයක් නොමැතිවීම වැලැක්වීම සඳහා එවැනි විශ්වාසභංගයක් ඉදිරිපත් කරන සෑම අවස්ථාවකදීම අලුතින් පත්කරන
පුද්ගලයාගේ නම ද විශේෂයෙන් එහි ඇතුළත් කරනු ලබයි. (Constructive Motion of No-Confidence)මේ ආකාරයේ සමාන තත්ත්වයක් අද ස්වීඩනයේ ද පවතී.

පසුගිය මහ මැතිවරණය ප්‍රතිඵල අනුව කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවුණි. ඒ තත්ත්වය තුළ බහුතරය නිර්මාණය කරගැනීම සඳහා මාස ගණනාවක් සාකච්ඡා පවත්වා අලුත් රජයක් ස්ථාපිත කරන තෙක් එරට අග්‍රාමාත්‍යවරයා එලෙසම කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාව තුළ මෙවැනි තත්ත්වයක් ඇති කිරීම රටේ ව්‍යවස්ථාවට, සාමාන්‍ය නීතියට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද නීති විරෝධීයී ය. පැය 48කට වැඩි කාලයක් පුරා මේ රට තුළ රජයක් ක්‍රියාත්මක නොවීමට කටයුතු කිරීම තුළින් ඉතිහාසයේ කිසිදා නොවූ ආකාරයේ ව්‍යවස්ථා උල්ලංඝනයක් අත්හිටුවීමක් සිදුකොට ඇත.

කිසියම් රටක ව්‍යවස්ථාව තාවකාලිකව හෝ අත්හිටුවන්නේ නම් ඒ ඒකාධිපති රාජ්‍යවල පමණි.

එසේ නම් අද ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රට වූ ශ්‍රී ලංකාව සීග්‍රයෙන් ඒකාධිපති රාජ්‍යයක් කර පරිවර්ථනය වෙමින් පවතී. ඒ සඳහා මූලිකවම වගකිව යුත්තේ සිරිසේන ජනාධිපතිවරයාය.

එපමණක් නොව මෙවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා ද ඔහු ලබා දුන් ප්‍රතිඥා සාහසික ලෙස උල්ලංඝනය කර ඇත. මේ සඳහා දෝශාභියෝගයකින් පමණක් නොව රටේ සාමාන්‍ය නීතියෙන් ද දඬුවම් ලබාදිය යුතුය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම කොටස් ඉතා සීරුවෙන් පෙළගැසිය යුතු මොහොතක් උදාවී ඇති අතර පක්ෂ, පාට, ජාති, ආගම් භේදයකින් තොරව මේ විනාශයට වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට එරෙහිව එකාවන්ව නැගී සිටිය යුතුය.

 

Post Views: 14
Previous Post

පක්ෂයේ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ ඇති කරන්න රනිල්ට බෑ – ජනපති කියයි

Next Post

එජාප පාක්ෂිකයාව ජනපතිට අමතකයි – අකිල කියයි

editor

editor

Next Post

එජාප පාක්ෂිකයාව ජනපතිට අමතකයි - අකිල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved