• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කට කතා වලින් රටක් නවත්වන්න බෑ – ඇමැති නවීන් කියයි

13 May 2019
in සංවර්ධන

කට කතා වලින් සමාජ මාධ්‍ය වලින් රටක් නවත්වන්න බැරි බවත් නොයෙකුත් අය හදනවා සාමාන්‍ය ජන ජීවිතය ඒ හරහා නවත්වන්න බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) දා බත්තරමුල්ල, සෙත්සිරිපාය (ii අදියර), 08 වන මහලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පොල් වගාකිරීමේ මණ්ඩලයේ රැකියා පුරප්පාඩු සඳහා කාර්යාල කාර්ය සහයක තනතුර සඳහා හා කළමනාකරණ සහකාර තනතුර සඳහා පත්වීම් 20ක් ලබා දීමේ අවස්ථාවට
සහභාගී වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා ” මේ දේශපාලනික දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැතුව මේ පත්වීම් වලින් තමන්ට රාජකාරී කරන්න ලබා දෙන ස්ථානයට ගිහිල්ලා වැඩ කරලා ඔය ගොල්ලන්ගේ දක්ෂකම් පෙන්වන්න. එවිට ආයතනයත් ශක්තිමත් වෙනවා. අපිටත් ඕනේ මේ ආයතනයේ අනාගතයට හොඳ පිරිසක්. ඔබට ඒ හැකියාව තියෙනවා. ඒ නිසා දක්ෂකම පෙන්නලා ආයතනය ශක්තිමත් කරලා ඉදිරියට එන්න. 1970 ගණන් වල පටන් ගත්ත පැරණි ආයතනයක් මේක. අපි හිතනවා මේ ආයතනයට තියෙනවා විශාල වගකීමක් අපේ රටේ ප්‍රධාන බෝගයක් වන පොල් ගස ආරක්ෂා කිරීමට. එහි වැවීම , නඩත්තු කිරීම, පොල් ගසේ වැඩීම පිළිබඳ සොයා බැලීම් ඒ වගේ සියලු දේවල් කෙරෙන්නේ පොල් වගා කිරීම මණ්ඩලය හරහායි. මේ ආයතනයට රජයෙන් විශාල සම්පත් ප්‍රමාණයක් ලැබෙනවා. රුපියල් මිලියන දාහක් පමණ වර්ෂයකට ලැබෙනවා. වැඩි මුදලක් යන්නේ සාමාන්‍ය පොල් වගාකරුවන්ට. ඒ නිසා ඔබට යුතුකමක් තියෙනවා ඒ වැඩ පිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න. අපේ පැත්තෙන් අපි උත්සාහ කරනවා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පොල් වගාව තව දියුණු කරන්න. ඉතිං මේ ආයතනය හා ඔබ බැඳී හිඳ මේ ආයතනයෙන් වරප්‍රසාද ලබා ගන්නා අතරම මේ ආයතනය ශක්තිමත් කරන්නත් උපරිම දක්ෂතාවන් හැකියාවන් ඉස්මතු කරලා පෙන්වන්න කියලා මම ඉල්ලා සිටිනවා. මෙතනින් ඔබ නතර වෙන්න එපා ඉදිරියට අදාළ සුදුසුකම් සකස් කරගෙන අනාගතය හදා ගන්න. තමන් කැමති විදිහට ඉගෙන ගන්න. එකම තැන ලොප් වෙන්නේ නැතුව මෙතැනින් ඉහළයට යන්න. හැම දෙනාටම සුබ අනාගතයක්. යැයි අමාත්‍යවරයා පැවසිය.

Post Views: 8
Previous Post

වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Next Post

මුළු දිවයිනට අද රාත්‍රී 9යේ සිට ඇඳිරි නීතිය පනවයි

editor

editor

Next Post

මුළු දිවයිනට අද රාත්‍රී 9යේ සිට ඇඳිරි නීතිය පනවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved