• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කන්කසන්තුර වරාය සංවර්ධනයට ඇමැති ජොන්ස්ටන්ගෙන් නිලධාරීන්ට උපදෙස්

31 December 2019
in සංවර්ධන

කන්කසන්තුර වරාය පුළුල් කිරීම සහ නව සංවර්ධන කටයුතු ඇරඹීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නැයි වරාය හා නාවික කටයුතු සහ මාර්ග සහ මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එසේම වරාය සංවර්ධන කටයුතු සඳහා ක්‍ර‍මවේද, සැලසුම් සකස්කිරීම හා අදාළ කටයුතු සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් විසින් උපදේශන සේවා සමාගමක් වෙත භාරදීමට ක්‍රියා කර තිබේ.

එහි දැනට පවතින පර්යන්තය වෙත පැමිණෙන නෞකාවන්ගේ ධාරිතාව ටොන් 300 ත්, 400 ත් අතර වේ. නමුත් වරාය වෙත වැඩි ධාරිතාවකින් යුතු විශාල නෞකා ආකර්ෂණය කරගැනීම අත්‍යවශ්‍ය බැවින් නව පර්යන්තයක් ඉදිකිරීම සඳහා අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේ ය. මෙසේ ඉදිකිරීමට යෝජිත නව පර්යන්තයේ ගැඹුර මීටර 07 කි. එමගින් වරායෙහි මෙහෙයුම් වර්ධනය කිරීමත්, යටිතල පහසුකම් සංවර්ධනයත් අපේක්ෂා කෙරෙනු ඇත. ඒ අනුව පැරණි පර්යන්තය ප්‍ර‍තිසංස්කරණය කිරීම, නව ගැඹුරු ජැටියක් ඉදිකිරීම මෙන්ම දියකඩනය පුළුල් කිරීම යනාදී වරායෙහි සංවර්ධන කටයුතු හා පුළුල් කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන් දැනුවත් කර තිබේ.

දැනටමත් කන්කසන්තුර වරාය සංවර්ධනය හා පුළුල් කිරීමේ කටයුතු සඳහා ඉඩම් අත්පත් කරගැනීම සඳහා පියවර ගෙන ඇති අතර එහි පළමු පියවර යටතේ අක්කර 15 ක් සහ දෙවන පියවර යටතේ අක්කර 35 ක ඉඩම් ප්‍ර‍මාණයක් අත්පත් කරගැනීමට නියමිත වේ. කන්කසන්තුර වරායෙහි දැනටමත් අබලි ද්‍ර‍ව්‍ය ඉවත් කිරීම හා යුද්ධයෙන් ගිලුණු හා හානියට පත් නෞකා ඉවත් කිරීමේ කටයුතු සිදුකොට අවසන්ව ඇති අතර ඉතිරිව ඇති අනිකුත් අබලි කොටස් ඉවත් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය.

 

 

දිලිනි සමන්මලි 

Post Views: 6
Previous Post

පුවත්පතේ හැම අකුරක්ම වැරදියි – කථානායක සැර ප්‍රකාශයක්

Next Post

රූමි මොහොමඩ් ලබන 06 වනදා දක්වා රිමාන්ඩ්

editor

editor

Next Post

රූමි මොහොමඩ් ලබන 06 වනදා දක්වා රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved