• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රියාශීලි දරු පරපුරක් බිහිකරගන්න යහපත් ආහාර රටාවක් හුරු කළ යුතුයි

6 May 2019
in සංවර්ධන

සුසන්තිකා,දමයන්ති දර්ශා,සුගත් තිලකරත්න වැනි ජාතික තලයේ ක්‍රීඩකයන් බිහිකරන්න නම් පාසල් දරුවන්ට පාන් පිටි ආහාර කවා නම් නොහැකි බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ පැවති රජයේ පාසල් සඳහා නව ක්‍රීඩා පුහුණුලාභීන් අමතමින්.

අමාත්‍යවරයා කියා සිටියේ දැන් පාසල් දරුවන් නිසි ආහාර රටාවකට අනුගත නොවීම හේතුවෙන් දෛනික සෞඛ්‍ය පිරිහීමට දරුවන් ලක්වන බවත් දෛනිකව රටේ බෝ නොවන රෝග අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලින් මිය යන සංඛ්‍යාව ඉහළ ගිහින් තියෙන බවයි.

මේ රෝගවලට ගොදුරුවීම වළක්වා ගැනීමට පාසල් කාලය තුළදීම සොඛ්‍යාරක්ෂිත යහපත් ආහාර රටාවකට ජනතාව හුරු කළ යුතු බව හෙතෙම පැවසිය.

පාන් පිටි ගුලි, ක්ෂණික කෑම දරුවාට දෙමාපියන් හුරු කිරීම නිසාත් සෞඛ්‍ය,අධ්‍යාපන අමාත්‍යාංශ එකතු වෙලා පාසල් මට්ටමින් හෙළ බොජුන් හල් ආරම්භ කරන්න තීරණය කර බව අමාත්‍යවරයා කියා සිටියේය. ඒ අනුව දරුවාට පාන් පිටි ගුලියකට වඩා දේශීයව නිෂ්පාදනය කරනු ලබන කඩල,මුං ඇට වැනි ධාන්‍ය හුරු කළ යුතුය.

දුෂ්කර පාසල් ළමුන් සෑම දෙනාටම කිරි වීදුරුවක් ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්නත් ඒ දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම උදෙසා ගත් ක්‍රියාමාර්ගයක් බව අමාත්‍යවරයා පැවසිය.

රටේ විනයක් ඇති හොඳ මානසික හා සෞඛ්‍ය තත්ත්වයෙන් හෙබි දරු පරපුරක් බිහි කරන්න නම් ක්‍රීඩාව අත්‍යවශ්‍ය යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට කාන්තා හා වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර,පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම මහින්දසෝම, උතුරු මැද පළාත් ක්‍රිඩා අධ්‍යක්ෂ හේමන්ත අබේකෝන් ඇතුළු පොලොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි නව ක්‍රිඩා පුහුණුලාභින් 300 ක් පමණ මෙම අවස්ථාවට එක්විය.

Post Views: 16
Previous Post

ගාමිණී සෙනරත්ගේ නඩුවට පුජිතට පි.බීට සිතාසි නිකුත් කරයි

Next Post

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

editor

editor

Next Post

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved