• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රීඩාව විනාශ වෙන්න සල්ලි හේතු වු බව ඇමැති අර්ජුන කියයි

11 October 2018
in දේශීය

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට මූලිකතම හේතුව මුදලට ඉදිරියට ගෙන ඒම බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ XBAN 2018 ප්‍රදර්ශනය දෙවැනි දිනයට විවෘත කිරීමේ අවස්ථාවට අද (11) එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “පාසල් ක්‍රිකට් කණ්ඩායම හෝ ජාතික කණ්ඩායම හෝ නියෝජනය කරන අවස්ථා වලදී අපේ සිතට දැනුණේ විශාල අභිමානයක්. විශේෂයෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කරන විටදී ඒ අභිමානය විශාල වශයෙන් දැනුණා. අපි තමයි රටේ මිලියන විස්සක ජනතාවක් නියෝජන කරන්නේ. එය අපිට ලැබුණු විශාල ගෞරවයක්. ඒ ගෞරවය කිසිම විටක අපි මුදලට පාවා දුන්නේ නැහැ. අපි කිසිම විටක මුදල් සොයා ගෙන ගියේ නැහැ. නමුත් අද මොකද්ද වෙලා තියෙන්නේ. අද මුදල පිටුපසම යාමේ සංස්කෘතියක් ඇතිව තියෙනවා. ඒක රටක් හැටියටත්, ක්‍රීඩාවක් හැටියටත් එහෙමයි. අපේ සමාජයත් එහෙම වෙලා තියෙනවා. දැන් අපි බලන්න ඕනේ මේකෙන් කොහොමද අපි මිදෙන්නේ කියලා. තමුන්නාන්සේලා දන්නවා පහුගිය දවස් කිහිපයේ අපිට ඉතාමත් අවාසනාවන්ත ප්‍රවෘත්ති කිහිපයක් අසන්නට ලැබුණා ක්‍රිකට් ක්‍රීඩාව ගැන. එවැනි තත්ත්වයකට ක්‍රිකට් ක්‍රීඩාව වැටුණේ ඇයි ? ඒයට මූලිකතම හේතුව වුණේ ක්‍රිකට් ආයතනයත් ඇතැම් ක්‍රීඩකයනුත් මුදල් පස්සේ යාම. දැන්වත් මේ තත්ත්වය වෙනස් කිරීමේ කාලය උදාවෙලා තියෙනවා. අපි තාම පරක්කු නැහැ….”යි ද අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ අපේකම් අමතකවීම වර්තමාන සංස්කෘතියේ හෝදාපාළුවට මූලිකතම හේතුව වී ඇති බවයි. අපේ ගුරුවරු අපිට වේවැල් පාරක් දුන්නේ අපිව හදා ගන්න. ඒ නිසා වේවැල පාවිච්චි කරනවාට මම නම් විරුද්ධ නැහැ. ඒ කාලේ අද වගේත් මානව හිමිකම්කාරයෝ කවුරුත් හිටියේ නැහැ. අද ගුරුවරයෙක් කාටහරි අතක් ඉස්සුවොත් පොලීසි යනවා. මානව හිමිකම් කාරයෝ ඉන්නවා. මේ හරහා අපි අපේ සංස්කෘතියත් විනාස කරගෙන තියෙනවා. ඇත්තටම අද රටක් හැටියට ඉදිරියට යාමේදී අපිට තියෙන ලොකුම බාධාව වන්නේ අපේකම් අමතක වීම. අපේකම අමතක කරලා අපිට ඉදිරියට යන්න බැහැ….”යි ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Post Views: 9
Previous Post

අභියාචනය ඉවතට – දුමින්දට මරණ දඩුවම නියම කරයි

Next Post

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් අද විශ්‍රාම යයි

editor

editor

Next Post

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් අද විශ්‍රාම යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved