• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරෝනා මෙරටට එවිද..පෙර සුදානමක් .. !

26 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරි ආරක්ෂක කමිටුව අද (26) සෞඛ්‍ය අමාත්‍යංශයේදී හදිසියේ රැස්ව තිබේ. ඒ එම වෛරසය පැතිරීම පාලනයට තීන්දු තීරණ රැසක් ගැනීම සඳහා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම සාකච්ඡාවේදී සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ චීනයෙන් ලංකාවට වෛරසය පැමිණීම වැළැක්වීමට ගත් ආරක්ෂිත පියවර වලට වඩා දැඩි ආරක්ෂිත පියවර ගැනීමට කටයුතු කරන බවයි.

කොරෝනා වෛරසය පිළිබදව ජාතික ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වීමට ප්‍රධාන හේතුව වූයේ කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල් කිහිපයක කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙනි. මෙම කමිටු රැස්වීමේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ලෝකයේ මේ වන විට කොරෝනා වෛරසය පැතිරයාමේ වත්මන් තත්ත්වය පිළිබදව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

එසේම විශේෂයෙන්ම කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉදිරි අවුරුදු නිවාඩු කාලය තුල මෙරටට පැමිණීමත්, විද්ශකයින් පැමිණීමත් හේතුවෙන් මෙම රෝගය ශ්‍රී ලංකාව තුලට පැතිරීම වළක්වා ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට ගෙන තිබේ.

විශේෂයෙන්ම ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 25,000 ක් පමණ සේවයේ නියුතු කොරියාව වෛරසය පැතිරෙන ඉතාමත් අවධානම් රටක් බවත්, මෙරටට අවුරුදු නිවාඩුව ගත කිරිම සදහා පැමිණෙන එම ශ්‍රමිකයින් පූර්ණ විමර්ෂණයකට ලක් කොට යම් රෝගි තත්ත්වයන් ඇති අය වෙතොත් ඔවුන් ඔවුන්ගේ නිවෙස් තුළම දින 14 ක් නිරෝධායනයකට ලක් කිරීමට ද නිර්දේශ කරන ලදි.

එමෙන්ම මගීන් රැගෙන එනු ලබන විශාල මගී නැව් වලින් පැමිණෙන සංචාරකයින් රට තුලට ඇතුළුවීම පාලනය කිරිම පිළිබදවත්, ආගමන නීතින් පැනවීම සදහාත්, කොළඹ සහ ගාල්ල වරාය තුලින් මෙසේ පැමිණෙන මගීන් විශේෂිත ආරක්ෂිත මෙවලම් යොදා ගනිමින් සුවිශේෂි පරීක්ෂාවකට ලක් කිරීමට ද තීරණය කරන ලදි. එමෙන්ම ධීවර වරාය තුළින් ද මෙරටට ඇතුලුවන විදේශීය ධීවර කාර්මිකයින් පිළිබදව සුපරික්ෂාකාරී ලෙස විමර්ශණය කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට ද මෙහිදී තීරණය කරන ලදි.

එමෙන්ම මෙරටට විදේශකයින් කණ්ඩායම් වශයෙන් පැමිණෙන ගුවන් යානාවල විදේශකයින් පිළිබදව ද සංචාරක නියෝජිතයින් මගින් ඔවුන්ගේ තොරතුරු මෙරටට පැමිණීමට පෙර ලබාගැනීමට ද තීරණය කරන ලදි.

මේ අතර දැනට මෙම වෛරසයට ලක්වූවන්ට ප්‍රතිකාර ලබාදීම සදහා වෙන් කළ රෝහල් 17 ට අමතරව දියතලාව හමුදා කදවුරු භූමියේ ස්ථාපිත කෙරුණ නිරෝධායන මධ්‍යස්ථානයට අමතරව කොළඹට ආසන්න සහ දකුණු පළාත, මධ්‍යම හා වයඹ පළාත මුලාශ්‍ර කරගෙන පුර්ණ නිරෝධායන මධ්‍යස්ථාන 04 ක් ස්ථාපිත කිරීමට ද කමිටුව නිර්දේශ කරන ලදි.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා මුඛ ආවරණ අවශ්‍යතාවයක් මතු වුවහොත් එම මුඛ ආවරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පිටරටින් ආනයනය කිරීමටත්, මුඛ ආවරණ කඩිනමින් මෙරට නිෂ්පාදනය කර තොග ගබඩා කොට තබාගැනිමටත්, කමිටුව විසින් තීරණය කරන ලදි.

මෙම සියළු තීරණ පිළිබදව කොරෝනා වෛරසය පිළිබදව ජාතික ආරක්ෂක කමිටුව විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.

දිලිනි සමන්මලි

Post Views: 4
Previous Post

සමඅනුග්‍රහයෙන් ඉවත්වන බව ඇමැති දිනේෂ් මානව හිමිකම් කොමිෂමට දැනුම් දෙයි

Next Post

ගෝඨාභයයි මහින්දයි ජනතාව අන්දන බව මන්ත්‍රී විජිත කියයි

editor

editor

Next Post

ගෝඨාභයයි මහින්දයි ජනතාව අන්දන බව මන්ත්‍රී විජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගමැතිනිය කතානායක සහ  බලශක්ති ඇමතිට එරෙහිව  විශ්වාසභංග ගෙන ඒමට  විපක්ෂය සූදානම්

අගමැතිනිය කතානායක සහ බලශක්ති ඇමතිට එරෙහිව විශ්වාසභංග ගෙන ඒමට විපක්ෂය සූදානම්

15 March 2026
බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස ගෙදර සිට වැඩ කිරීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය

බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස ගෙදර සිට වැඩ කිරීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය

15 March 2026
යළිත් QR ක්‍රමයට ඉන්ධන

යළිත් QR ක්‍රමයට ඉන්ධන

15 March 2026
ස්කොට්ලන්තය පරදා අයර්ලන්තයට  විශිෂ්ට ජයක්

ස්කොට්ලන්තය පරදා අයර්ලන්තයට විශිෂ්ට ජයක්

15 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් අවහිරතාව මැද  ඉන්දීය LPG නෞකා දෙකකට  ඉරානයෙන් විශේෂ අවසරයක්

හෝමූස් අවහිරතාව මැද ඉන්දීය LPG නෞකා දෙකකට ඉරානයෙන් විශේෂ අවසරයක්

15 March 2026
ඉරාන – ශ්‍රී ලංකා විදේශ  අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්

ඉරාන – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved