• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ නගරය ලස්සන කිරීම තමාගේ බලාපොරොත්තුව බව අගමැති කියයි

23 August 2019
in සංවර්ධන

දකුණු ආසියාවේ අලංකාර සහ හොඳම නගරය බවට කොළඹ නගරය පත්කිරීම තම බලාපොරොත්තුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසදුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක වන බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවයේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

නවීන තාක්ෂණය යොදාගෙන ව්‍යාපෘති රැසක් ඉදිරියේදී කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකිරීමට සූදානම් බව හෙතෙම පැවසිය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර අවුරුදු 50 – 60 ක කාලය තුලදී ඉටු කිරීමට නොහැකි වූ ඉතා විශාල සංවර්ධන කටයුතු රැසක් කොළඹනගරයේදී මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී තව දුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසිය ” කොළඹ නගරය නවීකරණය කර ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කැපවී වැඩකටයුතු කර තිබෙනවා. එයින් එක් ප්‍රතිඵලයක් ලෙස මෙම බෝට්ටු සේවාව හැදින්විය හැකියි. කොළඹ නගරය අලංකාර නගරයක් බවට දැන් පත්වී තිබෙනවා. එසේම නවීන තාක්ෂණය යොදා ගනිමින් එම නගරය තවත් දියුණු කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඉදිරි වසර 03ක් තුලදී කොළඹට අලූත් මාර්ග පද්ධතියක් එකතු වෙනවා. සැහැල්ලූ දුම්රිය මාර්ග සහ කුළුණු මතින් ඉදිවෙන මාර්ග යනුවෙන් කොළඹනගරයේ අලූත් මාර්ග පද්ධතියක් ඉදිවෙමින් පවතිනවා. මෙම දියුණුව සමගින් කොළඹනගරය ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අපිට හැකියාවක් ලැබෙනවා. කොළඹ නගරය සංවර්ධනය කිරීම සඳහා පසුගිය රජයන්වලට කිසිදු සැලස්මක් තිබුණේ නැහැ. කොළඹ නගරය සංවර්ධනය කිරීමේ නිසි සැලැස්ම අපි විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. එහි ප්‍රථිපල මේ වන විට ලැබෙමින් පවතිනවා. ඉදිරියේදී දේශීය සහ විදේශීය ආයෝජන ලබාගෙන ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් බවට පත් කරනවා. මහා මාර්ග පමණක් නොව අධ්‍යාපනය, සෞඛ්‍ය, සංචාරක යන විවිධ ක්ෂේත්‍රවලින් කොළඹ නගරය සංවර්ධනය කරනවා.” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඒ. එච්. එම්. ෆවුසි, මුජිබර් රහුමාන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා යන මහත්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් , දේශපාලඥයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

Post Views: 6
Previous Post

චීනයෙන් ප්‍රදානය කළ P6 25 නෞකාව අධිකාරියට පත් කෙරේ (ඡායාරූප සහිතයි)

Next Post

එජාපයෙත් රාජපක්ෂලාගෙත් තියෙන්නේ එකම අච්චුව බව ජවිපෙ කියයි

editor

editor

Next Post

එජාපයෙත් රාජපක්ෂලාගෙත් තියෙන්නේ එකම අච්චුව බව ජවිපෙ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved