• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙක් නිදොස් කොට නිදහස්

8 August 2019
in දේශීය

පසුගිය රජය කාලයේදී ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (08) දින නියම කළේය.

මෙම තීන්දුව සම්පත් අබේකෝන් සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබා දී තිබේ.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ විත්තිකරුවන්ට පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා පවත්වාගෙන යාමට පදනමක් නොමැති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේය.

2014 වසරේ පෙබරවාරි මස පළවනදා සහ 5 වසරේ ජනවාරි මස 19 වන දා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් canwill holdings සමාගම හරහා හෙලෙන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින්ම එම මුදල සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක යදාස කුඩාබාලගේ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරි ලසන්ත බණ්ඩාර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබුණි.

Post Views: 15
Previous Post

ජනපති කාම්බෝජියාවේ නිල සංචාරයකට එක්වෙයි

Next Post

බය වෙන්න එපා.. ගෝඨ ගැන මට විශ්වාසයි ….. – බැසිල් කියයි

editor

editor

Next Post

බය වෙන්න එපා.. ගෝඨ ගැන මට විශ්වාසයි ..... - බැසිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved