• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගොවියාට සාධාරණ වෙන්න ඕන – අමාත්‍ය පී. හැරිසන් කියයි

12 March 2019
in සංවර්ධන

සේනා දළඹු ව්‍යවසනයෙන් පීඩාවට පත් ගොවීන්ට යම් හේතුවකින් වන්දි නොලැබ අසාධාරණයක් වුවහොත් ඔවුන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකි යැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහවැලි පශු සම්පත් ව්‍යවසාය සමාගම හා සීමාසහිත කුකුළු සංවර්ධන සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ නව නිලධාරීන්ට පත්වීම් ප්‍රදානයට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ” ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශයක නියෝජිතයෙක් හැටියට මම කියන්නේ මේ වී මිලේ වැඩිවීමක් විය යුතුයි.මොකද කන්න කිහිපයකින් මිල වැඩිවෙලා නැහැ.හැබැයි අපිට මේකට හරි ක්‍රමවේදයක් තිබ්බේ නෑ.වැඩි මිලට වී ගත්තොත් වී මෝල් හිමියෝ කියනවා හාල් මිල වැඩි කරන්න කියලා.එතකොට පාරිභෝගික ජනතාවට විශාල මුදලක් වැය කරන්න වෙනවා.මේකට අපි ක්‍රමවේදයක් හදනවා.වී කිලෝ එකක් රු.38ට ගන්නකොට හාල් කිලෝ එකක උපරිම මිල රු.80යි.අපි වෙළඳ හිමියෝ,ගොවි මහත්වරු,අපේ පර්යේෂණ අංශ එක්ක සාකච්ඡා කරලා තමයි මේ ක්‍රමවේදය හැදුවේ.හමවෙලේම වී මිලේ වැඩිවීම වෙනකොට 2.1කින් හාල් මිල වැඩි වෙන්න ඕනේ.

ඊළඟ යල කන්නයේ ඉදන් හරි වී මිලේ වැඩිවීමක් වෙන්න ඕනේ.ගොවියාට සාධාරණ වෙන්න ඕන.මේ ක්‍රමවේදයට ගියොත් කන්නයෙන් කන්නයට හරි අවුරුද්දෙන් අවුරුද්දට වී මිල වැඩි කරන්න පුළුවන්.එතකොට ගොවියාටත් ඒ වාසිය ලැබෙනවා.පාරිභෝගිකයාටත් ලැබෙනවා.අවුරුදු ගණනාවක් කතා කළත් හරි ක්‍රමවේදයක් හදා ගන්න බැරිවුණා.මේ වතාවේ ගොවි සංවිධාන ඒ වගේම වී මෝල් හිමියන් ව්‍යාපාරිකයෝ සියලුදෙනා සාකච්ඡා කරලා දින ගණනාවක් මේ ක්‍රමවේදය හැදුවා.ඒ නිසා අනාගතයේ ගොවීන්ට ප්‍රශ්නයක් නෑ. යැයි අමාත්‍යවරයා පැවසිය.

 

 

Post Views: 10
Previous Post

සීතල ද? අයවැය… දුණුසුම්ද? … ඡන්දය…

Next Post

ජනපතිට තව මාස 08 .. අපි ගේමක් දීගෙන යන්නේ – රාජ්‍ය ඇමැති සුජිව

editor

editor

Next Post

ජනපතිට තව මාස 08 .. අපි ගේමක් දීගෙන යන්නේ - රාජ්‍ය ඇමැති සුජිව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved