• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා ජනපති සටනට ළඟදීම දිවයිනට

10 June 2019
in දේශීය

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බොහෝ විට ලබන සතියේදී දිවයිනට පැමිණිමට නියමිත බව වාර්තා වේ. ඔහුගේ සමිපතමයෙකු කියා සිටියේ මේ වන විට ගෝඨාභය මහතාගේ අසනිප තත්ත්වය සුව අතට හැරී ඇති බවයි.

එසේම ඔහු වෛද්‍ය ප්‍රතිකාර සදහා අධිකරණයේ අවසර මත ගෝඨාභය රාජපක්ෂ පසුගියදා අධිකරණයේ අවසර මත සිංගප්පූරුවේ මවුන් එලිසබත් රෝහලට ගියේය.

ගෝඨාභය රාජපක්ෂට සුවය ලැබීමට සති හතරක කාලයක් ගතවනු ඇති බවට පසුගිය දිනවලදී ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත් මේ වන විට ඔහුගේ අසනීප තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බව වාර්තා වේ.

ලබන සතියේදී ඔහු මෙරටට පැමිණිමට නියමිතව ඇති බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සියළු කටයුතු සැලසුම් කරමින් පවතින බව ඔහු සමීපතමයෙකු කියා සිටියේය. කෙසේ වෙතත් රාජපක්ෂවරු අතර මේ වන විට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන්න කුතුහලයක් ඇති කර තිබේ.

නමුත් ජනතාව අතර ගෝඨාභය සම්බන්ධයෙන් ඇති පිළිගැනීම හේතුවෙන් ඔහුව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය දිනක මහින්ද රාජපක්ෂ මහතාගෙන් පවා මාධ්‍යවේදීන් විමසා සිටියේ ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ පැමිණෙනවාද යන්න පිළිබඳවයි. එයට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ගෝඨා එනවා කියලා මාධ්‍ය වෙත පවසා සිටි බවයි. නමුත් මහින්ද රාජපක්ෂ තවමත් ගෝඨාභය ඉදිරිපත් කිරීමට මැලිකමක් දක්වමින් ජනතාව අතර කියා සිටින්නේ තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා මෙන්ය. නමුත් සෑබෑවීමන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු මේ අනුව සියළු දෙනා සිදු කරනු ඇති බව වාර්තා වේ.

ගෝඨාභයගේ ආගමනය දේශපාලනික වශයෙන් විශාල වෙනස් වීමක් සිදු වීමට ඇති බව ඇතැම් පිරිස් කියා සිටියේය. කෙසේ වෙතත් පසුගිය දිනකදී රටේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති අංශය වෙත එහි ප්‍රධානියා දැනුම්දීමක් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධව පල වල ප්‍රවෘත්ති ක්‍රමානුකුලව වැඩි කරමින් ඔහුට මාස දෙකක කාලයක් තුළදී රටේ ජනාධිපතිවරණයට අවශ්‍ය කරන ප්‍රචාරණය ලබා දීමට සහාය ලබා දෙන ලෙස දන්වා ඇති බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග කියා සිටියේ.

Post Views: 3
Previous Post

අපි ඉවත් වීම දඩමීමා කරගන්න එපා – කබීර් හෂීම්

Next Post

මිල සුත්‍රය අනුව ඉන්ධන එක් වර්ගයක් පමණක් මිල වැඩි කරයි

editor

editor

Next Post

මිල සුත්‍රය අනුව ඉන්ධන එක් වර්ගයක් පමණක් මිල වැඩි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved