• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාවගේ බඩට ගහන රාජපක්ෂවරුන්ට නැවත බලයට එන්න දෙන්නේ නෑ – අගමැති

7 October 2019
in දේශීය

වසර දහයක රාජපක්‍ෂ පාලනය තුළ බඩු මිල අඩු හා වැටුප් වැඩි නොකිරීමට හේතු පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා රටට ප්‍රකාශ කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනතාවගේ බඩට ගහන රාජපක්‍ෂවරුන්ට නැවැත බලයට පැමිණීමට ඉඩ නොතබන බව ඊයේ (06) වැනිදා සිරිකොතදී පක්‍ෂ මූලස්ථානයේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ය.

ගෙවුන වසර පහ තුළ ඉතා අමාරුවෙන් ගොඩනැගූ ප්‍රගතිය ආපසු හැරවීමට ඉඩ නොදී එය ඉදිරියට ගෙන යන්න ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කර ගත යුතු බවත් ඉන් අනතුරුව එළඹෙන මහා මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 125 ක් ලබාගැනීම තම ඉලක්කය වී තිබෙන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “ජනතාවගේ බඩට ගහන පොහොට්ටුවට හිස ඔසවන්න අපි ඉඩදෙන්නේ නැහැ. ඒ වගේම ජනතාවගේ බඩට ගහන රාජපක්‍ෂවරුන්ට නැවැත බලයට පැමිණීමට ඉඩ දෙන්නේ නැහැ. ජනතාව තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්නේ ඉදිරිපත් වන අපේක්‍ෂකයාගේ මුහුණ දෙස බලලා පමණක් නොවෙයි. ජනතාව ඡන්දය දෙන්නේ අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ දෙස අවධානය යොමු කරලයි. තමන් පාවිච්චි කරන එම ඡන්දයෙන් ගෙදර ආර්ථිකයට මෙන්ම තම සාක්කුවට කුමක්ද වෙන්නේ කියා කල්පනා කරලයි. තමන් ඡන්දය ලබාදෙන අපේක්‍ෂකයා ජයග්‍රහණය කිරීමෙන් පසු මෙතෙක් ගත කළ ජීවන තත්ත්වයට වඩා හොඳ තත්වයක් උදාකර ගන්නවා ද එසේත් නැත්නම් තවත් පහලට ඇදවැටෙනවා ද කියා ඡන්ද දායකයින් සිතනවා. පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයාගෙන් මා එක ප්‍රශ්නයක් අහනවා. එය ඔබත් ඇසිය යුතුයි. 2015 දී පෙට්‍රල් ලීටරයක මිල කීයද? 162 යි. අද කීයද? 137 යි. ඔව් එසේ නම් මා ඒ අපේක්‍ෂකයාගෙන් ප්‍රශ්න කරන්නේ වසර දහයක රාජපක්‍ෂ පාලන කාලය තුළ පෙට්‍රල් මිල අඩු කිරීමට නොහැකි වුණේ ඇයිද කියායි. ජනතාවට සහන නොදී මේ ආකාරයට ජනතාව සූරා කෑවේ ඇයි. නැවත රාජපක්‍ෂ පාලනයක දී එදා මෙන් පෙට්‍රල් මිල වැඩි කරනවද? එසේත් නැතිනම් අපි අඩු කළා මෙන් අඩු කරනවාද? 2015 දී ඩීසල් ලීටරයක මිල කීයද? 118 යි. අද 104 යි. පොහොට්ටුවේ අපේක්‍ෂකයාගෙන් මා විමසන්නේ ඔබ එය නැවත 118 කරනවාද? නැතිනම් අපි වගේ අඩුකරනවාද? භූමිතෙල් ලීටරය එදා 110 යි. අද 70 යි. එදා ග්‍රෑස් සිලින්ඩරයක් 2650 යි. අද 1493 යි. පරිප්පු කිලෝවක් එදා 240. අද 120 යි. කිරිපිටි ග්‍රෑම් හාරසියය එදා 410 යි. අද 345 යි. මෙලෙස බඩු මිල අඩුකරමින් අපි විශාල සහනයක් ජනතාවට ලබාදුන්නා. රාජපක්‍ෂ පාලන යටතේ වසර දහයක් බඩු මිල අඩු නොකලේ ඇයි දැයි පොහොට්ටුවේ අපේක්‍ෂකයා ප්‍රකාශ කළ යුතුයි. බඩු මිල අඩු නොකර වසර දහයක් ජනතාව සූරා කෑවේ ඇයි. මේ අයට නැවැත බලය දිය යුතුද? මේ අයට නැවැත කුස්සිය භාර දිය යුතුද? ඔබ හැමෝම මේ ප්‍රශ්නවලට රාජපක්‍ෂලාගෙන් පිළිතුරු ලබාගත යුතුයි. වසර දහයක් තිසේසේ සිය පාලන කාලය තුළ බඩු මිල අඩු නොකලේ මන්දැයි රාජපක්‍ෂ පිළිතුරු දිය යුතුයි. මේ ප්‍රශ්නයට පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා ජනතාවට පිළිතුරු දිය යුතුයි. බඩු මිල අඩු කර ජනතාවට සහන ලබාදීමට නොහැකි නම් නැවැත බලයට එන්න උත්සාහ කරන්නේ කුමකට දැයි අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා.

තවත් එක ප්‍රශ්නයක් මට ඒ අයගෙන් අහන්න තිබෙනවා. එදා කාර්යාල කාර්යය සහායක සේවකයකුගේ මාසික වැටුප් කියද. රුපියල් 11,730 අද රුපියල් 24,250 යි. හෙද සේවයේ එදා රුපියල් 15,620 අද රුපියල් 32,525 යි. උපාධිධාරී ගුරුවරයකුගේ එදා වැටුප රුපියල් 16,100 යි. අද රුපියල් 33,300 යි. මෙලෙස අපි වැටුප් වැඩි කළා නම් රාජපක්‍ෂවරුන්ගේ වසර දහයක පාලනය කාලය තුළ වැටුප් වැඩි කිරීමට නොහැකි වුණේ ඇයි? වෙනත් කරුණු ගැන කතා කිරීමට පෙර වසර දහයක පාලන කාලය තුළ බඩු මිල අඩු නොකිරීම හා වැටුප් වැඩි නොකිරීම යන ප්‍රශ්න දෙකට පොහොට්ටු වේ අපේක්‍ෂකයා පිළිතුරු ලබාදිය යුතුයි. වියත්මග, අරමග, මේමග ගැන කතා කර ලා පලක් නැහැ. බඩු මිල අඩු නොකළේ ඇයි? වැටුප් වැඩි නොකලේ ඇයි? ඉතා සරලයි මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලබාදෙන ලෙස අප ඉල්ලා සිටිනවා. මේ ප්‍රශ්නවලට විසඳුම් නැති කෙනෙක් ජනාධිපති කිරීමෙන් ඵලක් තිබෙනවාද? මෙයාල අහසින් වැටුණ බබ්බු නොවෙයි. රාජපක්‍ෂ පවුලේ අළුත් නම පොහොට්ටුවයි. අපි රට නිසිලෙස ඉදිරියට ගෙන යන්නේ නැති බවට මේ අය අද අපට චෝදනා කරනවා. මේ අය නැවත බලයට ඒමට උත්සාහ ගන්නේ බඩුමිල වැඩි කරන්නද? වැටුප් අඩු කරන්නද? මේ ප්‍රශ්න ගැන අප සමඟ වාද කරන්න ඔවුන්ට අවස්ථාව තිබෙනවා. මේ ගැන ජනතාවට ඔවුන් කරුණු කිව යුතුයි. ජනතාවගේ බඩට ගහලා නැවතත් බලය ඉල්ලන්නේ බඩට ගහන්නද කියා අප ප්‍රශ්න කරනවා. මේ රටේ වසර පහක් ඉතා අමාරුවෙන් අප ඇති කළ ප්‍රගතිය ආපසු හැරවීමට ඉඩ නොදී එය ඉදිරියට ගෙනයන්න හංසයා ඉදිරියෙන් ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කර සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති ලෙස පත්කරන්න අප සියලූ දෙනා කැපවී ක්‍රියා කරමු. එතුමා ගැන අමුතුවෙන් මා ඔබට කරුණු කිව යුතු නැහැ. ගෙවුණු වසර පහ තුළ එතුමා අපේ ආණ්ඩුවේ විශාල වැඩකොටසක් සිදු කළා. මේ රට ගොඩගැනීමට අප සමග ඉදිරියට යනවද, එසේත් නැතිනම් පොහොට්ටුව සමග ගොස් නිවාස කඩාගෙන පාරට ඇද වැටී බඩු මිල වැඩිකර වැටුප් අඩුකර ගන්නවාද කියා ජනතාවගෙන් විමසා සිටිනවා. වසර දහයක් රට පාලනය කළ රාජපක්ෂවරු රටේ ප්‍රශ්නවලට විසදුම් නැති නිසා අකමැත්තෙන් ඡන්දයකට ගියා. ඔවුන් දාල ගිය රට අපි භාරගෙන ගොඩගත්තා. මෙලෙස දාල ගිය අය නැවත ජනතාව ඉදිරියට පැමිණෙන්නේ නැවත මේ රට විනාශ කරන්නද කියන ප්‍රශ්නය ජනතාව තුළ තිබෙනවා.
එළඹෙන ජනාධිපතිවරණය ජය ගෙන ජයග්‍රාහී ගමන අප ආරම්භ කරනවා. ඊළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය මන්ත්‍රී ධූර 125ක් ලබා ගැනීම අපේ අරමුණයි. ඒ විශාල පිම්ම පැනීමට මේ මැතිවරණයෙන් අපේ බලය තහවුරු කර ගත යුතුයි. ඒ සඳහා අප කැපවී කියා කරමු. යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මෙහිදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස, එජාප මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, උපනායක විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, කොළඹ දිස්ත්‍රික් එජාප කළමණාකරු ලසන්ත ගුණවර්ධන යන මහත්වරුන් අදහස් දැක්වූ අතර එම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, අමාත්‍ය මණ්ඩල සාමාජික නොවන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය හර්ෂ ද සිල්වා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, එස්. එම්. මරික්කාර්, ඒ.එච්.එම්. ෆවුසි, නගරාධිපතිනි රෝසි සේනානානයක යන මහත්ම මහත්මීහු ඇතුළු ආසන සංවිධායකවරු පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ප්‍රමුඛ විශාල පිරිසක් සහභාගි වූහ.

 

 

Post Views: 11
Previous Post

අපේක්ෂයින් 35 ක් නාම යෝජනා භාර දෙයි

Next Post

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙසින් 17 වැනිදා ජනතා අයිතියට -අමාත්‍ය අශෝක්

editor

editor

Next Post

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙසින් 17 වැනිදා ජනතා අයිතියට -අමාත්‍ය අශෝක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved