• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාවට ශක්තිය හා දුප්පතුන්ට රැකවරණය දෙන අයවැයක්…

5 March 2019
in දේශීය

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද ( 05) පස්වරුවේ දී පාර්ලිමේන්තුව වෙන ඉදිරිපත් කරනු ලබන මෙම රජයේ පස් වැනි අයවැය මගින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම (Empowering the people, nurturing the poor) ප්‍රධාන කොටගෙන සියලු ජනතාවගේ මූලික අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජිවනෝපාය අවශ්‍යතාවන් ඉටු කිරීම අරමුණ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

අද ඉදිරිපත් කරනු ලබන මෙම අයවැය මගින් ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තව දුරටත් පුළුල් කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙළ දියත් කරනු ඇත. දුප්පතුන් පෝෂණය කිරීමේ වැඩපිළි‍වෙළ තව දුරටත් නංවාලමින් සැමට අවශ්‍ය මූලික පහසුකම් සපුරාලීම මෙම අයවැය යෝජනාවලට ඇතුළුත් කර තිබේ.

2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550 ක් වන අතර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400 ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. ඒ අනුව මෙවර අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් (ද.දේ.නි.) 4.5%ක් පමණ වේ.

අයවැය පරතරය 2020 වන විට ද.දේ.නි.යෙන් 3.5% ප්‍රතිශතයක් ලෙස අඩු කර ගැනීම ඉලක්ක කරගෙන කටයුතු කරන මෙම රජය 2015 වසරේ සිටම ක්‍රම ක්‍රමයෙන් එම ඉලක්කය පසුරා ගනිමින් පවතී. 2015 වසරේ දී 7.6%ක් වූ අයවැය පරතරය 2018 වසරේ දී 5.3% දක්වා අඩු කරන ලදී. 2019 වසරේ දී 4.4% දක්වා තව දුරටත් අඩු කිරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව 2020 දී අයවැය පරතරය අපේක්ෂිත පරිදි දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක ප්‍රතිශතයකට ළගා කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරයි.

තව ද දශක පහක පමණ කාලයකට පසුව අයවැයේ ප්‍රාථමික ශේෂයේ (Primary Balance) ප්‍රථම වරට 2018 වසරේ දී අතිරික්තයක් පැවැති අතර එය 2019 වසරේ දී තව දුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ. ප්‍රාථමික ශේෂයේ වැඩි වීම හේතුවෙන් රාජ්‍ය ආදායමෙන් ණය සේවා කරණය කිරීමට හැකි තත්ත්වයක් උදා වී බැවින් ණය ගැනීමේ සීමාව ද සාපේක්ෂව අඩු වනු ඇත. ඒ අනුව 2019 වසරේ දී ණය සේවාකරණය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 2200 ට සාපේක්ෂව ණය ලබා ගැනීමේ ප්‍රමාණය රුපියල් බිලියන 2079 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කරයි.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය මාර්තු මස 06 වැනි දින සිට 12 දින දක්වා පැවැත්වෙන අතර එදින සවස්වරුවේ දී දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. අයවැය තෙවැනි වර කියවීමේ කමිටු විවාදය මාර්තු මස 13 වැනිදා සිට අප්‍රේල් මස 05 දා දක්වා පැවැත්වීමෙන් අනතුරුව අප්‍රේල් මස 05 වැනි දා සවස් භාගයේ දී අයවැය සඳහා වන අවසන් ඡන්ද විමසීම සිදු කරනු ලැබේ.

Post Views: 8
Previous Post

හෝමාගම මුලික රෝහලේ දැඩිසත්කාර ඒකකය නවීකරණයට මුදල් පරිත්‍යාගයක්

Next Post

කැමැති දේ ඉටු වුණේ නැති වුණාහම විවේචන කරනවා – ඇමැති හකීම් කියයි

editor

editor

Next Post

කැමැති දේ ඉටු වුණේ නැති වුණාහම විවේචන කරනවා - ඇමැති හකීම් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved