• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති සටන එහා ගිය අගමැති මාරුව

8 November 2019
in දේශීය

ජනාධිපතිවරණය ලබන 16 වනදා දින පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබෙනු ඇත. ඒ සඳහා ජනාධිපතිවරණ අපෙක්ෂකයින් 35 ක් නාම යෝජනා ලබා දී ඇති නමුත් ඇතැම් ජනාධිපතිවරණ අපේක්ෂකයින් මේ වන විට ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ පොදු ජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හට සහාය පල කිරීමට මේ වන විට කටයුතු කර ඇත.

මේ අතර ජනාධිපතිවරණයත් සමඟ උණුසුම් වු අගමැති තනතුර සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතා බහට ලක් වු කරුණක් වන්නේය. ඒ ජනාධිපති පුටුව මාරු වු පසු ඊලඟට වෙනස් වන්නේ අග්‍රාමාත්‍ය ධුරය නිසාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍ය ධූර වෙනස් වන්නෙනම් එය පාර්ලිමේන්තුවේ බහුතරය අවශ්‍ය වන්නේය. පසුගිය වසරේදී ඔක්තොම්බර් මාසයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහගෙන් ඉවත් කරන්නට ගොස් යළි එය අකුලා ගැනීමට පවා සිදුවිය. මේ අතර දැන් ජනාධීපතිවරණය අස්සේ දිග හැරෙන්නේ අගමැති පුටුව කාටද යන්නයි.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයානම් කරලියට එන්නට පෙරම අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂව නම් කර අවසන්ය. නමුත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස විසින් දිගින් දිගටම පවසන්නේ අග්‍රාමාත්‍යවරයා ලෙස නව පුද්ගලයෙකු පත් කරන බවයි. තත්ත්වය එසේ තිබියදී වත්මන් අග්‍රාමාත්‍යවරයා විසින් පවසා සිටින්නේ ලබන මාර්තු මහ මැතිවරණය පැවැත්වෙන තුරු තමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන බවයි. කෙසේ වෙතත් ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ඇත.

කෙසේ නමුත් මේ වන විට තත්ත්වය බරපතලව උද්ගතව ඇත්තේ එජාප තුළයි. වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව අග්‍රාමාත්‍යවරයා ලෙස සජිත් ජනාධිපති වු පසුවත් සිටියහොත් එහිදී පසුපෙල සිටි මන්ත්‍රීවරුන්ගේ සහාය ඔහුට නොලැබෙන ලකුණු පහල ව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ වන විට එජාපයේ මන්ත්‍රීවරුන් විසින් යම් කලකිරුණු ස්වභාවයක් ඇතිව වාර්තා වේ. ඒ එජාපයේ පිරිස් අතර එක් පැත්තක් අගමැති රනිල් ලෙස පිළිගත යුතුයැයි ද අගමැති ලෙස නව අයෙකු පත් කල යුතු යැයි ද යන කාරණය හේතුවෙනි.

ජනාධීපති සජිත් වුවහොත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ බහුතර මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට කැමැත්ත පල කිරීමේ සැලසුමක් ද ඇති බව පොදු ජන පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් බහුතරයක් මේ වන විට ගෝඨාභය රාජපක්ෂ දිනවීම සඳහා එක්වීමත් සමඟ බව එම ආරංචි වැඩිදුරටත් සඳහන් කර සිටි.

කෙසේ නමුත් තීරණාත්මක ජනාධීපතිවරණයක් බව දේශපාලන විචාරකයින් කියා සිටි.

 

දිලිනි සමන්මලි

 

 

Post Views: 7
Previous Post

යාපනයේ රු.මි. 72 ක වියදමින් ඉදිකරන ලද උඩුවිල් පොකුරු නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභි අයිතියට

Next Post

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වු මෙරට සිසුන්ට නේපාලයේ දී O/L විභාගයට පෙනී සිටිමට වරම්

editor

editor

Next Post

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වු මෙරට සිසුන්ට නේපාලයේ දී O/L විභාගයට පෙනී සිටිමට වරම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved