• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපතිධූර කාලය දිගු කිරීම සදාචාර විරෝධියි – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

4 July 2019
in දේශීය

නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව පවසමින් බලයට පැමිනි මෛත‍්‍රිපාල සිරිසේන මහතා තම ධූර කාලය දීර්ඝ කරගැනීම ස`දහා නැවතත් අධිකරණ මතය විමසීමට ගෙන ඇති තීරණය සදාචාර සම්පන්න නොවන ක‍්‍රියාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද (04) පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ගාල්ල දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ ධූර කාලය ආරම්භ වන්නේ එතුමා දිව්රුම් දුන් 2015 ජනවාරි 9 වැනිදා සිටද එසේ නොමැති නම් 19 වැනි ව්‍යවස්ථා සංශෝදනය සම්මත වූ 2015 මැයි 19 වැනිදා සිටද යන්න සම්බන්ධයෙන් ලබන සතියේ අධිකරණයේ මතය විමසීමේ සූදානමක් ඇති බව වාර්තා වන බවයි.

මීට පෙරද ජනාධිපතිවරයා මෙලෙස අධිකරණ මත විමසුමක් සිදු කරනු ලැබූ අතර දිගින් දිගටම තමන් ගේ ධුරකාලය දීර්ඝ කරගැනීමේ ප‍්‍රයත්නයක නිරත වෙමින් සිටි බව හෙතෙම කියා සිටියේය.

නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවට ජනතාව හමුවේ දිවුරුම් දී බලයට පැමිනි මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම ධූරකාලය දිනකින් හෝ දීර්ඝ කරගැනීමට උත්සහ දැරීම
කනගාටුවට කරුණක් බව මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා සදහන් කලේය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අර්බුදය සමථයකට පත්කර ගැනීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතාත්, තමාට නායකත්වයේ රැදී සිටීම සඳහා ජනාධිපතිවරයාත් ජනාධිපතිවරණය වෙනුවට මහ මැතිවරණයකට යාමේ ප‍්‍රයත්නයක නිරත වෙන බවට ඒ මහතා චෝදනා කරයි.

කෙසේවෙතත් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ එන ඕනෑම මැතිවරණයක් ජයග‍්‍රහනය කිරීමට සූදානම් බව මන්ත‍්‍රි වරයා අවධාරණය කර සිටියි.

 

 

 

 

 

Post Views: 12
Previous Post

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල – 2019 රගර් හා පිහිණුම් තරග ලබන 06වනදා

Next Post

එජාපයේ තීන්දු ගන්න චන්ද්‍රිකා පිලේ අයට බැරි බව ඇමැති රවි කියයි

editor

editor

Next Post

එජාපයේ තීන්දු ගන්න චන්ද්‍රිකා පිලේ අයට බැරි බව ඇමැති රවි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved