• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජවසම්පන්න ආණ්ඩුවක් හදන්න සජිත් එක්ක එකතු වෙන්න

13 February 2020
in දේශීය

ව්‍යාජය සහ ප්‍රලාප තුලින් බලය ලබාගෙන මේ වනවිට ව්‍යාකූල රටක් නිර්මාණය කොට ඇති වත්මන් ආණ්ඩුව පරාජය කොට ශක්තිමත්, ප්‍රගතිශීලී සහ ජවසම්පන්න ආණ්ඩුවක් බිහි කිරීම උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරන සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බව නව සන්ධානයේ පක්ෂ නායකයින් පවසයි.

එම සන්ධානයේ පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් සහ රවුෆ් හකීම් යන මහත්වරුන්ගේ අත්සන් යුතු මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ විජයග්‍රහණයක නව ඇරඹුමක් සන්ධානය වීමට කටයුතු කරන බවයි.

ජනතා බලාපොරොත්තු වලට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ගමනක යෙදෙන වත්මන් ආණ්ඩුවට එරෙහිව පුළුල්තම ජනතා බලවේගය නිර්මාණය කිරීමේ භාරධූර වගකීම තම සන්ධානය භාර ගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් කර තිබේ.

නව සන්ධානයේ පක්ෂ නායකයින්ගේ විශේෂ මාධ්‍ය නිවේදනය පහත පරිදි සම්පුර්ණයෙන්.

විජයග්‍රහණයක නව ඇරඹුමකට සන්ධානගත වීම

ඉතා නුදුරේදී තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා අවශ්‍ය වටපිටාව මේ වනවිට නිර්මාණය වී තිබේ. වත්මන් ආණ්ඩුව මේ වනවිටත් ජනතා අපේක්ෂාවන් සියල්ලම පාහේ බිද දමා ඇති අතර දේශපාලන පලි ගැනීම් සහ ආර්ථික අවපාතයක් වෙතට රට තල්ලුකොට තිබේ.

දහසකුත් එකක් ජනතා බලාපොරොත්තු වලට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ගමනක යෙදෙන වත්මන් ආණ්ඩුවට එරෙහිව පුළුල්තම ජනතා බලවේගය නිර්මාණය කිරීමේ භාරධූර වගකීම අප වෙත පැවරී තිබේ.

ඒ අනුව, මෑත කාලීනව අප එක්සත් ජාතික පක්ෂය හා එක්ව දේශපාලනික කටයුතුවල යෙදුණු අතර ඒ තුලින් ජනතා ජයග්‍රහණ රැසක් අත්පත් කර දීමටද අපට හැකි විය.

එළැඹෙන මහ මැතිවරණය උදෙසා නව සන්ධානයක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර එලෙස පිහිටුවන සන්ධානයේ නායකත්වය, සන්ධාන මහලේකම් පත්කිරීම, අගමැති අපේක්ෂකත්වය මෙන්ම නාමයෝජනා කමිටුවේ ප්‍රධානත්වයද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමටද එකී කෘත්‍යධිකාරී මණ්ඩලය තීන්දුකොට තිබේ.

ඉහත කාරණා කෙරෙහි අපගේ දැඩි අවධානය යොමුකොට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරන ‘පුළුල් ජනතා සන්ධානයට’ අපගේ පක්ෂද එක්ව ජනතා අපේක්ෂාවන් සහතික කරන ආණ්ඩුවක් බිහි කිරීමේ උදාර මෙහෙවරට දායක වන බව නිවේදනය කරමු.

ඒ අනුව ජාතික හෙළ උරුමය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය යන දේශපාලන බලවේගද නව සන්ධානය සමඟ අත්වැල් බැඳගනු ඇත.

ව්‍යාජය සහ ප්‍රලාප තුලින් බලය ලබාගෙන මේ වනවිට ව්‍යාකූල රටක් නිර්මාණය කොට ඇති වත්මන් ආණ්ඩුව පරාජය කොට ශක්තිමත්, ප්‍රගතිශීලී සහ ජවසම්පන්න ආණ්ඩුවක් බිහි කිරීම උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරන සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් අප ඇප කැපවෙන බවද නිවේදනය කරමු.

පාඨලී චම්පික රණවක
මහලේකම් – ජාතික හෙළ උරුමය

මනෝ ගනේෂන්
නායක – දමිළ ප්‍රගතිශීලී සන්ධානය

රවුෆ් හකීම්
නායක – ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

 

 

 

 

දිලිනි සමන්මලි 

Post Views: 6
Previous Post

සුපර්ණා චිත්‍රපට මෙරට තීරගතවීම ආදරවන්තයින්ගේ දිනයේදී

Next Post

තමා සිටිනකම් කඩොලාන පද්ධතිය විනාශ කරන්න දෙන්නේ නෑ – අමාත්‍ය චන්ද්‍රසේන

editor

editor

Next Post

තමා සිටිනකම් කඩොලාන පද්ධතිය විනාශ කරන්න දෙන්නේ නෑ - අමාත්‍ය චන්ද්‍රසේන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved