• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ රට ගොඩනගන්නයි – සභානායක කිරිඇල්ල කියයි

3 February 2019
in දේශීය

ජාතික ආණ්ඩුවක් පිහිටුවා, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරලීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට අවංකවම එකඟ සියළු දේශපාලන පක්‍ෂ ආණ්ඩුවේ කාර්යභාරය සඳහා සහභාගී කර ගැනීමේ අරමුණින් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කරලීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම, ජනතා පරමාධිපත්‍ය සුරැකීම හා අන්තවාදය පිටුදැකීම පිළිගන්නා සියළු පාර්ශවයන් සඳහා ශක්තිමත් ආණ්ඩුවක් ස්ථාපිත කරලීමේ අවශ්‍යතාව පිළිගන්නා සියළු පාර්ශවයන්ට මේ ජාතික ආණ්ඩුව සමග එක්විය හැකිබවයි.

ජාතික ආණ්ඩුව පිහිටුවා අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කරලීමේ යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ ව්‍යවස්ථාවට අනුකූලව ය. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හිතුමතේට තම ඇමැති මණ්ඩලය 60 දක්වා වැඩිකර ගැනීමට එදා කටයුතු කළේ ව්‍යවස්ථාව හෝ පාර්ලිමේන්තුව නොසලකා හරිමිනි.

එම අත්තනෝමතික ක්‍රමවේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් අප වෙනස් කළා. ඒ අනුව ඇමැති මණ්ඩලය වැඩි කර ගන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුයි. එලෙස අප ඇති කරන ලද ප්‍රජාතන්තවාදී ක්‍රමවේදයට අනුව ව්‍යවස්ථානුකූලව ඇමැති මණ්ඩලය වැඩි කර ගැනීමට පියවර ගෙන තිබෙන මේ අවස්ථාවේ කලබල වී විවේචනාත්මක අදහස් පළ කරන පිරිස් වෙතින් අප ඉල්ලා සිටින්නේ එදා මහින්ද රාජපක්‍ෂ මහතා ව්‍යවස්ථා විරෝධී ලෙස ඇමැති මණ්ඩලය අසීමිත ලෙස වැඩිකරගත් අවස්ථාවේ තමන් කළ කී දෑ යළි සිහිපත් කර බලන ලෙස ය යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසිය.

 

Post Views: 10
Previous Post

අලුත් ගමනක් යන්න එන්න – දුමින්ද කියයි

Next Post

අපි මාස 3 වැඩ පෙන්වන ගේම්කාරයෝ – ඇමැති හරින් කියයි (විඩියෝ සහිතයි)

editor

editor

Next Post

අපි මාස 3 වැඩ පෙන්වන ගේම්කාරයෝ - ඇමැති හරින් කියයි (විඩියෝ සහිතයි)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved