• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ණය උගුලෙන් ලංවීම ගොඩනගන්න – ඇමැති අමරවීර නව සභාපතිට කියයි

20 December 2019
in සංවර්ධන

රු. කෝටි 20,000ක ණය උගුලක සිරවී සිටින ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමටත්, එම ණය උගුලෙන් ගැලවීමටත් කටයුතු කරන ලෙස නව සභාපති ලෙස පත් වු විජිත හේරත් මහතා විසින් විශයභාර අමාත්‍යවරයා ඉල්ලීමක් කර සිටියේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් පත් වු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වන, මෙරට සහ විදේශයන් කිහිපයක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කර ඇති විජිත හේරත් මහතා අද (20) දින ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තේය.

එහිදී අදහස් පළකළ අමාත්‍යවරයා, ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසර අවසාන වනවිට රු. කෝටි 20,000ක ණය උගුලක සිරවී සිටින බව සදහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පාඩුව රු.කෝටි 8500 ක් බවත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති මුදල රු.කෝටි 8200ක් බව හෙතෙම පැවසිය. ඊට අමතරව පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම නිසා එම ආයතන වලට ගෙවීමට ඇති මුදල රු.කෝටි 4300 ක් බව අමාත්‍යවරයා සදහන් කළේය. සමස්තයක් ලෙස ගත්කළ රු. කෝටි 20,000ක ණය උගුලක සිරවී සිටින ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමටත්, එම ණය උගුලෙන් ගැලවීමටත් කටයුතු කරන ලෙස නව සභාපතිවරයාගේ අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

රජයේ ඉලක්කය මෙන්ම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වන්නේ පරිසරය දූෂණය අවම කරමින් හරිත බලශක්ති උත්පාදනයට යොමුවීම බැවින්, පසුගිය වසර 5 තුළ අකර්මණ්‍ය කර තිබූ සූර්යබල ශක්ති ව්‍යාපෘති, සුළං බලශක්ති ව්‍යාපෘති ඇතුළු පරිසර හිතකාමී බලශක්ති නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා කටයුතු කරන මෙන්ද සදහන් කළේය.

මෙම අවස්ථාවට, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියද සහභාගි වුවාය.

 

දිලිනි සමන්මලි 

 

 

Post Views: 9
Previous Post

පළාත් කීපයකට තද වැසි – ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම් දීමක්

Next Post

සහෝදර භාෂාවන් හරිහැටි නොදැනීම ලැජ්ජාවට කරුණක් – ඇමැති ඩලස් කියයි

editor

editor

Next Post

සහෝදර භාෂාවන් හරිහැටි නොදැනීම ලැජ්ජාවට කරුණක් - ඇමැති ඩලස් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved