• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තඹ සතයක් වටින්නේ නැති කෙනෙක්ට මම සල්ලි වියදම් කරලා මඩ ගහන්නේ නෑ

1 August 2019
in දේශීය

රටක් සංවර්ධනය කරනවා යැයි ජනතාවට මුදල් ණයට දීලා ඔවුන්ව ණය බරට තල්ලු නොකළ යුතු බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (31) පස්වරුවේ කොළඹ 11, ඕල්කට් මාවතේ පොදු වෙළද සංගමයට ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම් ලබාදීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.

පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ඇතිවූ අනාරක්ෂිත තත්ත්වයන් හමුවේ, ඕල්කට් මාවතේ සිදුවෙමින් පැවති වෙළදාම් වලට තාවකාලික තහනමක් ක්‍රියාත්මක කිරීමට පොලීසියට සිදුවිය. මේ වනවිට එම අස්ථාවර තත්ත්වයන් පහව ගොස් ඇති බැවින්, එසේ ක්‍රියාත්මක කිරීමට යෙදුන තාවකාලික තහනම ඉවත්කර, වෙළද සංගමයට ඇතිවී තිබෙන අපහසුතාවන් ඉවත් කිරීමට පොලීසිය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බව, මෙහිදී අමාත්‍ය කරුණානායක මහතා එකගත්වය පළකළේය.

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා, “ අපි බොහොම සෘජුයි. දවසින් දවස අපි වෙන වෙන තාල තියන්නේ නැහැ. එක එක්කෙනා එහෙ මෙහෙ කෑගැහුවට අපේ තීරණ වෙනස් වෙන්නේ නැහැ. ජයග්‍රහණය කරන්න පුළුවන් සුදුසු පුද්ගලයෙක් අපි නියම වෙලාවට ඉදිරිපත් කරනවා. නමුත් තවමත් අපි පක්ෂයෙන් කිසිදු කෙනෙක් සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන නැහැ මුහුණුපොතේ එක් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කරලා තිබුණා මම එතුමාට මඩගසන්න ලක්ෂ 03 ක් වියදම් කරලා කියලා. තඹ සතයක් නොවටින කෙනෙක්ට මඩගහන්න ඇයි මම වියදම් කරන්නේ. ඒ කියන අය තමයි එහෙම දේවල් කරන්නේ. එයාලා ඒ දේවල් කරලා හිර වුණාම, අනිත් අයට පද හදනවා. මේ වගේ විලිලැජ්ජා නැති කතා කියන අය එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා කියන එක වසර 25 ක් තිස්සේ පක්ෂය රැකගත්ත අපිටත් ලැජ්ජාවක් යැයි පැවසීය.

 

 

Post Views: 8
Previous Post

මුදල් සොරකමක් සම්බන්ධයෙන් අයුතු ලෙස පුද්ගලයෙකු සිරකරගෙන සිටි තිදෙනෙකු අත්අඩංගුවට

Next Post

ඩුබායි සිහින මැවු අයෙක් අත්අඩංගුවට

editor

editor

Next Post

ඩුබායි සිහින මැවු අයෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved