• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ත‍්‍රස්තවාදය අවසන් කරනවා – යහපත් සාමකාමි රටක් ගොඩනගනවා – ජනපති

11 May 2019
in දේශීය

ත‍්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත‍්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (11) පෙරවරුවේ උහන මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේ පැවති ‘රට වෙනුවෙන් එකට සිටිමු’ සංවර්ධන වැඩසටහන් මාලාවේ අම්පාර දිස්ති‍්‍රක් වැඩසටහනේ අවසන් ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.

එහිදී ආරක්ෂක අංශ විශිෂ්ට මෙහෙවරක් ඉටුකරමින් සිටින අතර ත‍්‍රස්තවාදය නිමාකර සාමකාමී රටක් ගොඩනැඟීමේ ගෞරවය ති‍්‍රවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ ඇතුළු සියලුදෙනාට හිමිවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවන් ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ට ලක් වූ ලොව සෑම රටකම පාලකයන් විසින් ඉතා කෙටි කලක් තුළ එම රටවල් සාමකාමී රටවල් බවට පත්කර ගැනීමට පියවර ගත් අතර ඊට එම රටවල දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරින් ඇතුළු සියලුදෙනා සාමුහිකත්වයෙන් රට වෙනුවෙන් අත්වැල් බැඳගෙන සිටි බවයි.

තමා ද රාජ්‍ය නායකයා ලෙස මේ රටේ ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් ගෙවී ගිය දින 20 පුරා ඔවුන් නිසි කළමනාකරණයකට ලක් කළ බව කියා සිටි ජනාධිපතිවරයා එම වගකීම ආරක්ෂක අංශ විසින් ඉතා විශිෂ්ට ලෙස ඉටුකර තිබෙන බවත් තමාට මෙන්ම මේ රටේ සෑම පුරවැසියෙකුටම අපගේ ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවත් සඳහන් කළේය.

එහෙත් කනගාටුවට මෙන් බෝම්බ පුපුරන තෙක් බලා සිටින කුහක දේශපාලනඥයන් පිරිසක් ද අද රට තුළ සිටින අතර මෙවන් අවාසනාවන්ත තත්ත්වයක දී වුවත් තම පහත් පෙළේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ඔවුන් දරන උත්සාහයන් පිළිබඳ තමන් දැඩිව කනගාටුවට පත්වන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මෙවන් සිදුවීම් හමුවේ රටේ සංවර්ධන වැඩපිළිවෙළ හා දෛනික ජන ජීවිතය අඩාළ කරගතහොත් ජයග‍්‍රහණය කරන්නේ ත‍්‍රස්තවාදය බවයි.

මහා සංඝරත්නය ප‍්‍රමුඛ පළාතේ අන්‍යාගමික පූජකවරුන් ද, හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න, අමාත්‍ය දයා ගමගේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශ‍්‍රියානි විජේවික‍්‍රම, හිටපු අමාත්‍ය පී. දයාරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 16
Previous Post

බලපත්‍ර රහිත පුපුරණ ද්‍රව්‍ය ඇතිනම් පොලීසියට කියන්න දින 3ක්

Next Post

අන්තවාදය වැපුරූ මවුලවි කෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

editor

editor

Next Post

අන්තවාදය වැපුරූ මවුලවි කෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved