• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තේරීම් කාරක සභාවට නාලකත් කැඳවයි

4 June 2019
in දේශීය

පාස්කු දින සිදුවු ත්‍රස්ත ප්‍රහාර ගැන සොයන විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුව දෙවන වරට අද (04)පස්වරු 3 ට රැස්වීමට නියමිතයි.

ඒ අනුව අද දින පොලිසියේ ඉහළ නිලදාරින් සිව් දෙනෙකුගෙන් ප්‍රශ්ණ කිරීම සඳහා කැඳවා ඇති බව වාර්තා වේ. ඒ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නාලක ද සිල්වා යන මහත්වරුන් බව වාර්තා වේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද දිනයේදී සමාන්‍ය පරිදි මාධ්‍යට විවෘත කිරීමට පියවර ගන්නා බවත් එය අද පස්වරු 3 සිට පස්වරු 9 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්වීමට නියමිතයි. ජනමාධ්‍ය ආයතනවලින් සහභාගී වන මාධ්‍ය වේදීන්ට දැනුවත් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ පවතින ආරක්ෂක විධිවිධානයන්ට යටත්ව කටයුතු කරන ලෙසයි.

අප්‍රේල් 21 වනදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ මෙම තේරීම් කාරක සභාවේ සභාපති ධුරය දරන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාය. මෙහි සෙසු සාමාජිකයින් වන්නේ රවුෆ් හකීම්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා‍, රවී කරුණානායක, වෛද්‍ය රාජිත සෙනාරත්න, ආශු මාරසිංහ, ජයම්පති වික්‍රමරත්න, එම්. ඒ. සුමන්තිරන් හා වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මැති ඇමතිවරුන්ය.

පසුගිය 29 වන දා රැස්වූ එම කාරක සභාව මාධ්‍යයට විවෘතකර තිබූ අතර එදින ආරක්ෂක අමාත්‍යාශයේ ලේකම් ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ සහ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරු සාක්ෂි ලබා දුන්නේය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නාලක ද සිල්වා

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නාලක ද සිල්වා මහතා විසින් කරුණු කිහිපයක් හෙලි කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වේ. එම ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් ඔහු විසින් සිදු කරනු ලබන හෙලි දරව් තුළින් යම් යම් පුද්ගලයින් නම් හෙලිදරව් වීමක් සිදු වනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටියේය. තව ද එම ප්‍රහාරය සිදුවීමට පෙරම එයට සම්බන්ධයෙන් සියළු දෙනාම අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බුද්ධි අංශය දැනුවත් වී සිටි බව මේ වන විට නොරහසකි. කෙසේ වෙතත් අප්‍රේල් 21 වනදා සිදු වු ප්‍රහාරය සම්බන්ධයෙන් රටේ ඉහළ නිලධාරින් මෙහි වගකීම භාර ගත යුතුව ඇත්තේය.

පොලිස්පති, ආරක්ෂක ලේකම් වැනි තනතුරු පවා ඉවත් කිරීමක් සිදු වුයේ මෙවැනි වටපිටාවක් මැදිවයි. තව ද ඊයේ දිනයෙදී ආණ්ඩුව නියෝජනය කරනු ලබන මුස්ලිම් ඇමැතිවරුන් පවා සිය ධුරවලින් ඉවත් වුයේ මෙම පරික්ෂණවලට මෙන්ම රටේ ඇති නොසන්සුන්තාවය පාලනය කිරීමේ අරමුණින්. තව ද බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ හුස්බුල්ල යන අයද එම ධූරවලින් ඉවත් වුණේ ජනාධිපතිවරයා විසින් කල නියෝගය අනුවයි.

Post Views: 6
Previous Post

රෝහණ ලක්ෂමන්ට ආණ්ඩුකාර ධුරයක් ….. !

Next Post

සාලිගේ පුටුව මුසම්මිල්ට

editor

editor

Next Post

සාලිගේ පුටුව මුසම්මිල්ට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved