27 July 2024
#දේශීය

දෙන්නාටම කෙළවෙනවා – දිගම්බරම්

ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර තුලදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක්ව ගමනක් නොගියහොත් ඔවුන් දෙදෙනාට මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියළුම මැති ඇමතිවරුන්ට ගැටළු රැසකට මුහුණදීමට සිදුවන බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ හැටන් ප්‍රදේශයේ අද (20) පැවති උත්සවයකට එක්වෙමින්. 

මේ වන විට ආණ්ඩු පාර්ශවයෙන් ජනතාවට ඉටු විය යුතු කාර්යයන් නිසි පරිදි ඉටු වී නොමැති බව ඔහු අවධාරණය කළේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම පිළිබදව ද සිහිපත් කරමින්.

ඒ ගිය 16 දෙනා ජනාධිපතිවරයාගේ ඔළුව කචල් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරි කාලයේදී හෝ ජනාධීපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා එක්ව ගමනක් නොගියගොත් දෙදෙනාටම කෙළවෙල බවත් එය අනෙක් මැති ඇමැතිවරුන්ට ද බලපානු ඇති බව ඔහු අනාවරණ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *