• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නගින්නේ කවද්ද කියලා කට්ටිය බලන් හිටියා – මන්ත්‍රී දුමින්ද කියයි

23 October 2019
in දේශීය

නොවැම්බර් මාසේ 17 වැනිදා නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් එතුමන්ට සහය පළ කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන ග්‍රාමීය ජන හමු 5000 ට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන ජන හමු 250 න් එකක් වූ මහබෙල්ලන්කඩවල ග්‍රාමයේ පැවති ජනහමුවකදීය.

එහිදී දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව ලබන මාර්තු මස වෙනකම් විසුරුවා හරින්නට හැකියාවත් නොමැති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදිහත් වීමෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරනවා පමණක් නොවන අතර නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් වුණ ආණ්ඩුවකුත් හදන බව හෙතෙම පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” ඒ වගේම පහුගිය කාළයේ දුමින්ද දිසානායක යූ.එන්.පී යනවා කියලා හැම තැනම කිව්වා, හැමෝම බලන් හිටියා මම යූ.එන්.පී වේදිකාවකට නගියි කියලා.කවද්ද නගින්නේ, කොහෙන්ද නගින්නේ කියලයි බැලුවේ.මේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් සමහර අය මාව යවා ගන්නත් දැඟලුවා.මාව යවා ගත්තා නම් ඒ ගොල්ලන්ට තනියම ඉන්න පුලුවන්කම තියෙනවානේ.හැබැයි දුමින්ද හැමදාමත් හිටගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක වගේම පක්ෂයේ මතවාදයත් එක්කයි.අපි මෛත්‍රීපාල මහත්තයාව 2015 දී ජනාධිපති කරවන්න මම තීන්දු කලේ එතුමා අපේ පළාතේ මනුස්සයෙක් නිසයි.වෙන වෙන පළාත් වල මිනිස්සුන්ට තමන්ගේ පළාතේ මිනිස්සු පිළිබඳව ආඩම්බරයක් තියෙනවා වගේම එදා දුමින්දට ඕනකමක් තිබුණා උතුරු මැද පළාතෙන් ජනාධිපති කෙනෙක් පත් කර ගන්න.අපි ඒ වැඩෙත් කර ගත්තා ජනවාරී මාසේ 08 වැනිදා, දවස් දෙකක් යන්නත් කලින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකමත් අපි ලබා ගත්තා.ඒ කරපු වැඩේ වැරදියි කියලා සමහරු දැක්කාට දුමින්ද එදා කලෙත් හරි දේ,පළාතේ කමට, අපේ කමට, හිතේ තිබුණ දඩබ්බරකමට අපි පළාතෙන් ජනාධිපති කෙනෙකුත් හදා ගත්තා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරම් නොකර අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයත් ලබා ගත්තා.දැන් දුමින්ද කරන්නෙත් ඒ ටිකම තමයි.එදා තිබුණ ප්‍රශ්න ඔලුවේ තාමත් තිබුණා නම් ඒවාට දුමින්ද විරුද්ධ වුණා නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතන හිට ගන්නේ නෑ, අනෙක් සේරම හිට ගන්න කොට, මම කෑල්ලක් කඩාගෙන ගියා නම් සමහර විට මම යන්නේ ඡන්ද ටිකත් එක්ක.ඔලු ගෙඩි තියෙයි, ජන්ද මන් ගාව තියෙයි.එහෙම නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි තැන, හරි විදිහට හැමදාමත් අපි හිට ගත්තා.ඒ නිසා අදත් අපි හිටගෙන තියෙන්නේ හරිම තැන.අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ව අමතක කරන්න, අමාරුවේ දාන්න, අපහසුතාවට ලක් කරන්න නෙමෙයි මේ තීන්දුව ගත්තේ.එළැඹෙන නොවැම්බර් මාසේ 16 වැනිදා නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදලා වෙන් වෙච්ච අපි සියලු දෙනාම එකතු වෙලා නැවත වතාවක් එක පොදියට ආණ්ඩු කරන අය විදිහට, ජනාධිපති හැදුව මේ රටේ ශක්තිමත්ම කණ්ඩායම විදිහට රටට නායකත්වය ලබා දෙන්න තමයි මේ තීන්දුව අපි අරන් තියෙන්නේ යැයි පැවසීය.

 

Post Views: 7
Previous Post

අගමැතිකම ඉල්ලලා එකසැරයක් කා ගත්තා..මේ පාරත් මට නාගන්න බෑ – නිමල් සිරිපාල

Next Post

සජිත් වෙනුවෙන් මධුසමයක් අතහැරලා මම ආවේ – කාවින්ද කියයි

editor

editor

Next Post

සජිත් වෙනුවෙන් මධුසමයක් අතහැරලා මම ආවේ - කාවින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved