• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව අගමැති පත් කළේ ව්‍යවස්ථානුකුලවයි – ජනපති විදෙස් තානාපතිවරුන්ට කියයි

30 October 2018
in දේශීය

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඇතිවී තිඛෙන දේශපාලන තත්ත්වය පිළිබද විදෙස් තානාපතිවරුන්  සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමට ගත් තීරණයට හේතු වූ ඉකුත් රජයේ පැවති ගැටලූ සහගත තත්ත්වය පිළිබද මෙහිදී ජනාධිපතිවරයා එම තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කළේය.

විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් සදහන් කර සිටියේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව සහ රට තුළ සාමය ආරක්ෂා වන පරිදි කටයුතු සිදු විය යුතු බව ඔවුන් අපේක්ෂා කරන බවයි.

රටේ පවතින ව්‍යවස්ථාවට අනුකූලව හා තමන් වෙත පැවරී ඇති බලතල අනුව අග්‍රාමාත්‍යවරයා පත්කිරීම සිදුකළ බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, නව රජය ලෙස නොබැදි පිළිවෙත අනුව සියලූ රටවල් සමග පවතින සබදතා තවදුරටත් ශක්තිමත් ව පවත්වාගෙන යාමට සහ රජයේ සංවර්ධන කටයුතු සදහා සෑම රටකම සහය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සාමය සහ සියලූ ජාතීන් අතර සහජීවනය තව දුරටත් තහවුරු කරමින් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම නව රජයේ බලාපොරොත්තුව බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිටින සියලූම විදෙස් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් මෙම හමුවට එක්ව සිටි අතර, සරත් අමුණුගම සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් ද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද ඊට එක්ව සිටියහ.

Post Views: 11
Previous Post

සෞඛ්‍ය අමාත්‍යශයට මුදා තබා නෑ

Next Post

මෛත්‍රිට විශ්වාස මහින්දයි – ඇමැති සමරසිංහ කියයි

editor

editor

Next Post

මෛත්‍රිට විශ්වාස මහින්දයි - ඇමැති සමරසිංහ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved