• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව ජනවරමත් සමඟ සංවර්ධන ව්‍යාපෘති අලුත් ආකාරයකින් – ඇමැතිනි පවිත්‍රා

10 December 2019
in සංවර්ධන

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින සියලු අංශ ඒකාබද්ධව ජනතාවට නිසි ප්‍රතිලාභ ලබාදීමේ නවමු වැඩසටහනක් අවශ්‍ය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

නව රජයට ලැබුන ජනවරමත් සමග ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති නවමු ආකාරයකින් ක්‍රියාත්මක විය යුතු බව ඇය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ සමාජ අරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන, දෙපාර්තමේන්තු, අංශ හදුනාගැනීම හා ප්‍රගති සමාලෝචන රැස්වීමකදිය.

තිරසර සංවර්ධනයකට දායකවන අයිතිවාසිකම් තහවුරු වූ කාන්තා සහ ළමා ප්‍රජාවකින් සමන්විත ශක්තිමත් ජාතියක්” යන දැක්ම යටතේ ක්‍රියාත්මක කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන හා හදුනාගැනීමේ රැස්වීමක් ද පැවැති අතර, එහිදී එම අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු සහ අංශයන් හි ක්‍රියාකාරීත්වය සොයා බලන ලදි. ඒ අනුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ යටතේ 2019 වසරේ සංවර්ධන අංශය, ළමා ලේකම් කාර්යාලය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය, ජාතික කාන්තා කමිටුව, ළමයින් සදහා වූ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ප්‍රධාන සංවර්ධන වැඩසටහන්, සංවර්ධන වැඩසටහන් හී ක්‍රියාත්මක ප්‍රගතිය පිළිබදව කරුණු සාකච්ඡා කරන ලදි.

මෙම අවස්ථාවට, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඒ.එස්.එම්.එස් මහානාම මහත්මිය ඇතුලු නිලධාරීන්, ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර මහත්මිය, ගරු අමාත්‍යතුමියගේ පුද්ගලික ලේකම් කාංචන ජයරත්න මහතා, කාන්තා කාර්යාංශය, ජාතික කාන්තා කමිටුව, මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය, ළමා ලේකම් කාර්යාලය, පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරි මහත්ම මහත්මීන් ඇතුලු කාර්ය අමාත්‍යාංශ මණ්ඩලය එක්ව සිටියහ.

 

 

 දිලිනි සමන්මලි 

Post Views: 16
Previous Post

පාලකයා තෝරා ගැනීමේදී ජනතාවට නිසි අවබෝධයක් තිබිය යුතුයි – නීතිඥ ශ්‍රීමති

Next Post

Makeup කරගන්නවත් මුදල් නොතිබූ 2020 විශ්ව විවාහක රූ රැජිනගෙන් ආයාචනයක්…

editor

editor

Next Post

Makeup කරගන්නවත් මුදල් නොතිබූ 2020 විශ්ව විවාහක රූ රැජිනගෙන් ආයාචනයක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved