• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නියත වශයෙන්ම මෙම ත්‍රස්ත ව්‍යාපාරය මෙරටින් මුලිනුපුටා දමන්න කටයුතු කරනවා – ජනපති

26 April 2019
in දේශීය

ISIS ත්‍රස්ත ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන් නවතා දැමීමේ ශක්තිය මෙරට ආරක්ෂක අංශ සතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද (26) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවති හමුවක දී ය.

නියත වශයෙන් ම මෙම ත්‍රස්ත ව්‍යාපාරය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා කඩිනමින් රට තුළ සාමය ස්ථාපිත කිරීමට හැකිවනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ මේ පිළිබඳ වගකීමෙන් නිදහස් වීමට සූදානම් නොමැති බවයි. මෙම ත්‍රස්තවාදී මර්දන වැඩපිළිවෙළේ දී කිසිදු විදේශීය හමුදාවක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට තමා සූදානම් නොමැති අතර, ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පොලීසිය, විශේෂ කාර්ය බලකාය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව ඉතා සාර්ථක ලෙස මෙම මෙහෙයුම් දියත් කර තිබෙන අතර විමර්ශන කටයුතු සඳහා සහයවීමට ISIS ත්‍රස්ත ව්‍යාපාරය පිළිබඳ අත්දැකීම් ඇති ලොව ප්‍රබල රටවල විශේෂඥ කණ්ඩායම් කිහිපයක් දිවයිනට පැමිණ සිටින බවත්, ඔවුන් අපගේ ආරක්ෂක හමුදාවන් සමඟ ඒකාබද්ධව මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එමෙන් ම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ලැබී ඇති ආරක්ෂක තොරතුරු අනුව මෙම ත්‍රස්ත ව්‍යාපාරයට සම්බන්ධවුවන් ශ්‍රී ලංකාවේ සිටින්නේ 130ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් ඔවුන්ගෙන් 70ක පමණ පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ය.

අන්තර්ජාතික ත්‍රස්තවාදය සහ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ව්‍යාපාරය අතර ඇති බැඳීම ද සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩැලීමට ශ්‍රී ලංකාව මේ වන විට ගෙන යන ප්‍රබල සටන ද ඇතැම්විට මීට ඉවහල් වූවා විය හැකි බවයි. කෙසේ වෙතත් රට තුළ මතු වූ මෙම අනපේක්ෂිත තත්ත්වය හමුවේ සියලු පාර්ශ්වයන් වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පැහැදිළි කළ ජනාධිපතිවරයා රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැඟීමේ කටයුත්තේ දී වගකීමෙන් මාධ්‍ය හසුරවන ලෙස ද සියලු මාධ්‍යවේදින්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන් ම ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීම කිසිසේත් සිදු නොවිය යුතු බවයි. ඉතා සුළු පිරිසක් විසින් සිදුකරන ලද මෙම ඛේදවාචකය පිළිකුල් ක්‍රියාවක් ලෙස හෙළා දකිනවා සේම රටේ මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කරගත යුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

 

Post Views: 8
Previous Post

නව අගවිනිසුරු සහ විගණකාධිපති ධුර සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමතිය

Next Post

ශ්‍රී ලංකාවට කනගාටුව පල කරමින් චීන තානාපති කාර්යාලය මගීන් පොතක්

editor

editor

Next Post

ශ්‍රී ලංකාවට කනගාටුව පල කරමින් චීන තානාපති කාර්යාලය මගීන් පොතක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved