• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිවාඩු දිනයක නාම යෝජනා ගැනීම ජන්දයට බාධාවක් නොවෙයි – ගම්මන්පිල

3 May 2020
in දේශීය

නිවාඩු දිනයක නාම යෝජනා බාර දීමෙන් එම නාමයෝජනාවල නීත්‍යනුකූලභාවයට කිසිදු බලපෑමක් සිදුනොවන බව  පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල  ප්‍රකාශ කරයි.

ඡන්ද විමසීම නිවාඩු දිනයක යෙදිය නොහැකි වුවත් මැතිවරණ දිනය ප්‍රකාශ කළ පසු එකී දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළත්  එයින් ඡන්දයට බලපෑමක් නැති බව ඔහු පවසන්නේ  පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 (2) (ආ)අනු වගන්තියේ අවධානයට යොමුකරමිනි.

මැතිවරණ ප්‍රකාශයට පත්කර ඇත්තේ මාර්තු 2 වැනිදා වන අතර නිවාඩු දින ප්‍රකාශයට පත්කර ඇත්තේ ඉන් පසුව බවත් එනිසා  මාර්තු 16 සිට 19 දක්වා නිවාඩුවක් ප්‍රකාශයට පත්කිරීම මැතිවරණ නීතියට කිසිසේත්ම බල නොපාන බවත් ඔහු පවසයි.

පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ අද (03) පැවතිිි මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ කරුණු සඳහන් කල  අතර මංගල  සමරවීර  මුදල් ඇමතිවරයා අප්‍රේල් 30 වනදායින් පසු ජනාධිපතිතුමන් මුදල් වියදම් කිරීම නීත්‍යනුකූල නැති නිසා වහාම පාර්ලිමේන්තුව යලි කැදවිය යුතුයැයි සදහන් කරඇති බවත් එහි කිසිම නීත්‍යනුකූල පදනමක් නැති බවත් කියා සිටියේය.
 
මංගල සමරවීර මහතා පමණක් නොව නීතිය ගැන අවබෝධයක් ඇති සුමන්දිරන් ජනාධිපති නීතිඥවරයා පවා මේ ගැන කතා කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) වගන්තිය මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනපතිවරයාගේ මුදල් බලය ගැන කතා කරන බවත් යම් කිසි වසරක විසර්ජන පනත්කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙරාතුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේතුව විසුරුවා ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සදහා මුදල් වෙන්කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත්වෙන තෙක් යම්කිසි සේවාවක් අවශ්‍යවෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ යැයි ඔහු පෙන්වා දුන්නේය .
 
සරලව කිවහොත් අප්‍රියෙල් 30 වෙනිදායින් පසුව මුදල් වෙන්කර නැත්නම් මුදල් වෙන්කරන්න ජනාධිපතිවරයාට බලය ඇති බවත්  එම බලය ලැබෙන්නේ මුදල් වෙන් නොකළ දින සිට මුදල් වෙන් කිරීමට බවත් හෙතෙම කියා සිටියේය. 
 
අලුතින් ආණ්ඩුවක් ආවත් ඒ මුදල් ඇමතිවරයාට නිලධාරින් රැස්කර අයවැයක් හදාගන්නට  අවස්තාව දිය යුතු බවත් ඒ නිසා අලුත් පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීමේ සිට මාස තුනක් යන තෙක්ම ජනාධිපතිතුමන්ට මුදල් වියදම් කරගෙන යන්න හැකියාව ඇති බවත් ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.
 
අලූත් පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පැවැත්වෙන දිනය ලෙස මැයි 14ජනාධිපතිවරයා දැනට තීරණය කර ඇති මැයි 14 සිට  මාස තුනක් යනු  අගෝස්තු 14වනදා බවත් ඒ අනුව . එම කාල පරාසය පුරාවටම ජනාධිපතිතුමන්ට මුදල් වියදම් කිරීමේ හැකියාව ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ  වෙතත් මැයි 14 අලුත් පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම දැන් තැබිය නොහැකි බැවින් යම් හෙයකින් ජූනි 22 මැතිවරණය තබා  පළමු පාර්ලමේන්තුව ජූලි 1 වැනිදා පවත්වන්නේ යැයි සිතුවහොත් එදින සිට  ජජනාධිපතිවරයාට   මාසතුනක් දක්වා මුදල් වියදම් කිරීමේ බලය දී ඇතැයි ද හෙතෙම කියා සිටියේය .
 
විපක්ෂය ඇති ප්‍රශ්න නැති කරනවා වෙනුවට නැති ප්‍රශ්න ඇතිකිරීමේ කූඨ චේතනාවෙන් සිටින නිසා මේ මේවා තේරෙන්නේ වී නමුත් නොතේරෙනවා සේ සිටින බවද ගම්මන්පිල මහතා පැවැසීය

Post Views: 11
Previous Post

කොරෝනා අස්සේ විපක්ෂයේ සූදානම අගමැති මහින්ද හෙළිකරයි

Next Post

දිස්ත්‍රික්ක 4ක හැර අනෙක් ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවතට

editor

editor

Next Post

දිස්ත්‍රික්ක 4ක හැර අනෙක් ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved