• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පක්ෂයේ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ ඇති කරන්න රනිල්ට බෑ – ජනපති කියයි

5 December 2018
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

කුමන හේතුවක් නිසාවත් රටේ සංවර්ධන කි‍්‍රයාදාමය සහ මහජන සුබසාධන සේවාවන් අඩපණ නොවිය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාණය කරයි. අදාළ මූල්‍ය වර්ෂය සඳහා වෙන්කර තිබෙන සියලු මුදල් නිසි පරිදි වැයකරමින් ජනතා අවශ්‍යතා උපරිමයෙන් ඉටුකරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉදිරි නව වසරට අදාළ සංවර්ධන සැලසුම් ද නිසි පරිදි සැලසුම් කරන ලෙස දැනුම් දෙනු ලැබීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පවතින දේශපාලන නොසන්සුන්තාවය ගැටලුවක් කර නොගෙන මහජන සේවාවන් සහ සංවර්ධන වැඩපිළිවෙළ සකී‍්‍රයව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට නිලධාරින් කැපවිය යුතු බවයි.

ජනතා සුබසෙත වෙනුවෙන් තම මගපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලය යටතේ කි‍්‍රයාවට නංවා තිබෙන සියලු විශේෂ ව්‍යාපෘති 2019 වසරේ දී නව ජවයකින් සහ ශක්තිමත්ව කි‍්‍රයාවට නැංවීමට සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට දැනුම් දුන්නේය.

දිළිදුකම පිටුදැකීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය යටතේ කි‍්‍රයාත්මක ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් වන ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ද ඉදිරි වසරේ වඩා ශක්තිමත්ව කි‍්‍රයාත්මක කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා දිස්ති‍්‍රක් මට්ටමින් පත්කර ඇති සම්බන්ධීකරණ නිලධාරින් නිසි ලෙස තම වගකීම් ඉටුකිරීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.

පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබෙන පැළ සිටුවීමේ වැඩසටහන්වල ප‍්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූ අතර ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේ පවතින වැසි සහිත තත්ත්වය ආශිර්වාදයක් කර ගනිමින් එම වැඩසටහන වේගවත් කරන ලෙසයි.

දිස්ති‍්‍රක් මට්ටමින් කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය සිය කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යමින් ඉතා කෙටි කළක් තුළ අත්කරගෙන තිබෙන සුවිශේෂී ප‍්‍රගතිය පිළිබඳව ද සතුට පළ කළේය.

පසුගිය වසර තුන හමාර තුළ පැහැර හරින ලද උතුරු නැගෙනහිර ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා ඉටු කිරීමට උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් තමා විසින් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධන බලකාය යටතේ සුවිශේෂී මෙහෙවරක් ඉටු වෙමින් පවතින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ පක්ෂය තුළ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික‍්‍රමසිංහ මහතාට හැකියාවක් නොමැති බවයි.

වසර 25 ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික‍්‍රමසිංහ මහතා එහි පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන අතර, රටේ නීතිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ඉහළින් කතා කරන ඔහු පළමුව තම පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරගතයුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 13
Previous Post

ජනපතිට ගැලවීමක් නැහැ – පාඨලී චම්පික රණවක

Next Post

ඒකාධිපති රාජ්‍යයක් කරන්නේ සිරිසේන ජනාධිපතිවරයායි – මංගල කියයි

editor

editor

Next Post

ඒකාධිපති රාජ්‍යයක් කරන්නේ සිරිසේන ජනාධිපතිවරයායි - මංගල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved