• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පරණ වයින් අලුත් බෝතල්වල – ඇමැති කබීර්

29 March 2019
in දේශීය

පරණ වයින් අලුත් බෝතල්වල දමා ඇති වගේ පොහොට්ටුවේ පිරිස් අද කටයුතු කරන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

පොහොට්ටුවේ පිරිස් අද කතා කරන්නේ මහින්ද ආණ්ඩුව කාලයේදී සිදු කළ යුතු දේ නොකර වත්මන් ආණ්ඩුවට චෝදනා කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන මෙන්ම මහාමාර්ග මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්.

අමාත්‍යවරයා කියා සිටියේ මහින්ද ආණ්ඩුව කාලයේදී ඉන්ධන නල පද්ධති පවා නවීකරණයක් කර නොමැති තත්ත්වයක වත්මන් ආණ්ඩුව එවැනි අත්‍යවශ්‍ය දේ සොයා බලා එම ඉන්ධන නල පද්ධති අලුත් වැඩියා කටයුතු කළ බවයි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ 2015 සිට සිටි අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ බවත් ඒ තුළින් දින 07 ක කාලයක් ගත වන ඉන්ධන ලබා දීම දින 3ක දී ලබා දීමට හැකියාවන ආකාරයේ එම නල පද්ධතිය නවීකරණ කිරීමට කටයුතු කිරිම තුළින් හැකි බව හෙතෙම පැවසිය.

මාර්ග සංවර්ධනය ප්‍රමුඛ කොට ගත් හඳවත් යා කරන රන් මාවත් වැඩපිළිවෙල දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මාර්ග සංවර්ධනයට කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන අතරම භෞතික යටිතල සංවර්ධනය, සමාජ යටිතල සංවර්ධනයට බද්ධ කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා අනාවරණ කළේය.

 

Post Views: 8
Previous Post

රවීගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක්

Next Post

රවි – කබීර් අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

editor

editor

Next Post

රවි - කබීර් අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved