• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පළාත් කීපයකට තද වැසි – ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම් දීමක්

20 December 2019
in දේශීය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වැසි ද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.75-100 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේම පැවති වර්ෂාව හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ගංවතුර තත්වයක් දක්වා ඉහළ ගොස් ඇති නිසා ගංවතුර ආපදා හානි අවම කරගැනීම සදහා තලාව, ඉපලෝගම, තඹුත්තේගම සහ ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කලාඔය අවට පහත්බිම්වල ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිවේදන නිකුත් කර ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද දින (20) නිකුත් කරන ලද ප්‍රධාන ගංගා ජල මම්ටම් නිවේදනයට අනුව කුඹුක්කන් ඔය නක්කල ජල මාපකයේ අගය සුලු ගංවතුර තත්වයක් දක්වා ඉහළ ගොස් ඇති අතර හොඩාඔය සියබලන්ගමුව ජල මාපකයේ සහ මහවැලි ගග මනම්පිටිය සහ තල්දෙන ජලමාපක අගයන් ද ගංවතුර අවදානම් තත්වයක් දක්වා ඉහළ ගොස් තිබේ.

රාජාංගනය, අනුරාධපුරය දිස්ත්‍රිත්කයේ අංගමුව, කලාවැව, තබ්බොව, පුත්තලම දිස්ත්‍රිත්කයේ ඉඟිනිමිටිය කුරුණෑගල දිස්ත්‍රිත්කයේ දැදුරුඔය, අම්පාර දිස්ත්‍රිත්කයේ රඹුක්කන්ඔය හම්බන්තොට දිස්ත්‍රිත්කයේ උඩවලව ජලාශය සහ ලුණුගම්වෙහෙර ජලාශය මාතලේ දිස්ත්‍රිත්කයේ බෝවතැන්න ජලාශය බදුල්ල දිස්ත්‍රිත්කයේ උල්හිටිය යන ජලාශ වල වාන් දොරටු විවෘත කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද දින (20) නිකුත් කරන ලද නායයාම් අවධානම් නිවේදනයට අනුව මාතලේ දිස්ත්‍රික්කයේ (ලග්ගල පල්ලේගම), මහනුවර දිස්ත්‍රික්කයේ (උඩුදුම්බර), සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ (වලපනේ) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් හදුනාගත් නායයාම් අවදානම් ප්‍රදේශවල ජනතාවට ආරක්ෂික ස්ථාන කරා ඉවත්වීමේ නිවේදන නිකුත් කර ඇත.

මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, යටවත්ත, මාතලේ, පල්ලේපොල සහ නාවුල, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර යන ප්‍රාදේගීය ලේකම් කොට්ඨාශ සදහා ඇම්බර් වර්ණයෙන් යුතු නාය යාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

එසේම මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, අඹන්ගමුව කෝරළේ, නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම, වැලිමඩ, ඇල්ල, හල්දුමුල්ල, පස්සර, ලුනුගල, හාලිඇල, බංඩාරවෙල, හපුතලේ, සොරනාතොට සහ බදුල්ල, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, මැදගම සහ බිබිල යන ප්‍රාදේගීය ලේකම් කොට්ඨාශ සදහා කහ වර්ණයෙන් යුතු නායයාම් විමසිලිමත්වීමේ නිවේදන නිකුත් කර ඇත.

විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමටත් නායයාම් අවදානම් ප්‍රදේශවල ජනතාව එම ආපදා අවමකරගැනී සදහාත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Post Views: 7
Previous Post

පාඨලිව අත්අඩංගුවට ගත්තාට රනිල් විරුද්ධයි

Next Post

ණය උගුලෙන් ලංවීම ගොඩනගන්න – ඇමැති අමරවීර නව සභාපතිට කියයි

editor

editor

Next Post

ණය උගුලෙන් ලංවීම ගොඩනගන්න - ඇමැති අමරවීර නව සභාපතිට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved