• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල්වල ඉදිකිරීම් ගැටළු ඇතිනම් දැනුම් දෙන්න

11 September 2019
in දේශීය

ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ඉදිකිරීම් ක්‍රියාවලිය තුළ කිසියම් අක්‍රමිකතාවක්, මූල්‍ය අවභාවිතයක්, වංචාවක් හෝ නිසි ප්‍රමිතියට සිදු නොකිරීම සම්බන්ධ කිසියම් පැමිණිල්ලක් හෝ ගැටළුවක් වෙතොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරුවරයාට එම පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.

විවිධ දේශපාලන න්‍යාය පත්‍ර අනුව පෞද්ගලික අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් වෙහෙසෙන ඇතැම් පාර්ශවකරුවන්ට ළඟම පාසල හොඳම පාසල වැනි දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයන්හි සැබෑ ප්‍රතිලාභ හඳුනාගත නොහැකි අතර, ඇතැම් පුවත්පත් සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය යොදාගනිමින් මෙම වැඩසටහන මගින් ඉදිකෙරෙන පාසල් සම්බන්ධ විවේචන සිදුකරන්නේ ද, වරින්වර පදනම් විරහිත චෝදනා එල්ල කරන්නේ ද, දරුවන්ගේ අනාගතය දෙස සුබවාදී ව දකින්නට අපොහොසත් වූවන් ලෙස සඳහන් කළ හැකිය.

පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රටපුරා ස්ථාපිත කරමින් වඩාත් ගුණාත්මක අවස්ථා සියලු දරුවන් වෙත ළඟා කරවීමේ අරමුණින් හඳුන්වාදෙන ලද විශාලතම පාසල් සංවර්ධන වැඩසටහන ළඟම පාසල හොඳම පාසල වන අතර, ඒ යටතේ දිවයිනේ ජාතික හා පළාත් පාසල් 9064ක් තුළ වැඩ ව්‍යාපෘති 18000ක් යටතේ රුපියල් මිලියන 65000ක මූල්‍ය ආයෝජනයක් මගින් භෞතික, යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනයට කටයුතු කරනු ලැබේ.

මේ යටතේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය සඳහා තෝරාගෙන ඇති පළාත් පාසල් සංඛ්‍යාව 8782කි. ජාතික පාසල් සංඛ්‍යාව 282කි. මේ වනවිට ඉදිකිරීම් කටයුතු අවසන් කොට විවෘත කර ඇති පාසල් ගොඩනැගිලි සංඛ්‍යාව අතරින් නව ගොඩනැගිලි 950ක් එකවර අදියර තුනක දී සිදුකරන ලද විවෘත කිරීම් ලෙස සිසු අයිතියට පත් කෙරිණි. ( පළමු අදියර 200ක්, දෙවැනි අදියර 250ක්, තෙවැනි අදියර 500ක් වශයෙන්)

මේ වනවිට (2019 අගෝස්තු 31 දින වනවිට) සංවර්ධන අවශ්‍යතා සඳහා පාසල් වෙත රුපියල් මිලියන 35,539ක මූල්‍ය ප්‍රතිපාදන මුදාහැර ඇත. ඒ අනුව, 2016-2020 දක්වා සිවුවසරක ව්‍යාපෘති කාල රාමුව තුළ ක්‍රියාවට නැංවෙන ළඟම පාසල හොඳම පාසල වැඩසටහනෙහි සමස්ත මූල්‍ය ප්‍රතිපාදනයෙන් 65%ක් මේ වනවිටත් පාසල් පද්ධතිය වෙත නිකුත් කර අවසන් ය. ආරම්භ කර ඇති සමස්ත ව්‍යාපෘති අතරින් 82%ක වැඩ අවසන් කර ඇත.

මෙම වැඩසටහනට පාසල් තෝරාගැනීම සිදුකරනු ලැබුවේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදෙන ලද නිර්ණායක මත පදනම් ව, සංවර්ධන අවශ්‍යතා දැඩි ව පවත්නා පාසල් කෙරෙහි ප්‍රමුඛතාව ලබාදෙමින් පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවල සංවර්ධන හා සැලසුම් අධ්‍යක්ෂවරුන් මගිනි.

මෙම සංවර්ධන වැඩසටහන සඳහා මධ්‍යම රජය විසින් විසින් අදාළ එක් එක් පළාත් පාසල් වෙත මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමෙන් අනතුරුව, ටෙන්ඩර් කැඳවීමේ සිට සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගේ පූර්ණ මැදිහත්වීම මත සිදුකෙරේ. ගොඩනැගිලි ඉදිකිරීමේ දී නියමිත ප්‍රමිතියට අනුකූලව ඉදිකිරීම් සිදුකරන්නේ ද, කොන්ත්‍රාත්කරුවන් විසින් වැඩ ප්‍රමාද කිරීම, තත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා නොගැනීම ඇතුළු ක්‍රියාවලියෙහි යම් දෝෂයක්, අක්‍රමිකතාවක් හෝ මූල්‍ය වංචාවක් සිදුවන්නේ ද යන්න පිළිබද වගකීම පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත පැවරෙයි. මෙම සංවර්ධන ක්‍රියාවලියේ දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ අවබෝධතා ගිවිසුමකට ද එළඹ සිටී.

එමෙන් ම මෙම වැඩසටහන යටතේ එක් එක් පාසල්වල ගොඩනැගිලි ඉදිකිරීම්, අලුත්වැඩියාකිරීම්, යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ඇතුළු සමස්ත සංවර්ධන ක්‍රියාවලිය සිදුකෙරෙන ආකාරය පිළිබඳ අධීක්ෂණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෑම අධ්‍යාපන කාර්යාලයක ම තාක්ෂණ නිලධාරීන් පත්කර සිටියි. පළාත්, සහ කලාප මට්ටමින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක ඉටු නොවන්නේ නම් ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරුවරයා වෙත දැනුම්දීමට අවස්ථාව සලසා ඇත්තේ මෙම ව්‍යාපෘතියෙහි අවසන් සංවර්ධන ප්‍රතිලාභ දරුවන් වෙත නිවැරදිව ළඟාකරවීම ප්‍රමුඛ කාර්යයක් වන හෙයිනි.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය මඟින් ගතවූ දින 1200කට ආසන්න කාලය (වසර තුනහමාරකට) තුළ මෙරට පාසල් පද්ධතියට තුළ සුහුරු පන්තිකාමර, දෙමහල් තෙමහල් ගොඩනැගිලි, ගුරු විවේකාගාර, විදුහල්පති නිල නිවාස, ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, පරිගණකාගාර, සෞන්දර්ය ඒකක, ක්‍රීඩා සංකීර්ණ, ඇතුළු නව ගොඩනැගිලි 1400කට අධික ඉදිකිරීම්, 5000කට ආසන්න ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් මෙන් ම ජලය, විදුලිය සනීපාරක්ෂාව ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයටත්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෙත දේශීය හා විදේශීය පුහුණු අවස්ථා සම්පාදනය කර දීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සංවර්ධනයටත් දැවැන්ත මෙහෙවරක් ඉටු කර තිබේ.

 

Post Views: 16
Previous Post

මහජන සම්පත රන්කිරුළ 4000 දිනුම්වාරයෙන් වටිනා තෑගි පිරිනමයි

Next Post

අනුරගේ ජය තහවුරු කරන වැඩ කරන ජනතා සමුළුව අද කොළඹදී

editor

editor

Next Post

අනුරගේ ජය තහවුරු කරන වැඩ කරන ජනතා සමුළුව අද කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved