• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුද්ගලයා අනුව ජනාධිපතිවරණයේදී සහාය දෙනවා – ඇමැති අර්ජුන

12 August 2019
in දේශීය

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය හිමි වන්නේ වැඩක් කළ හැකි පුද්ගලයකුට පමණක් බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය දෙන්නේ කාටදැයි තවම තීරණක් ගෙන නැති බව හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මව්රට සංවිධානය ඉදිරිපත් කළ සබුද්ධි – සාහිත්‍ය කලා අධ්‍යයන කේන්ද්‍රයේ දෙවැනි වැඩසටහනට ඊයේ (11) යක්කල ඇසළ හෝටල් ශ්‍ර‍වණාගාරයට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කුමන පක්ෂයක වුවත් පුද්ගලයාගේ වැඩ කිරීමේ හැකියාව මත ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහාය දෙන්නේද නැත්තේද යන්න පිළිබදව තීරණය කරන බවයි.

තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා “ එක්සත් ජාතික පක්ෂය හිතනවා තමන්ට තනියම ගිහින් ඉල්ලන්න පුළුවන් කියලා. නමුත් ඒක හීනයක් විතරයි. නමුත් සන්ධානයක් එක්ක එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගියොත් ඔවුනට ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍ර‍හණය කරන්න පුළුවන්. අද තනියම යමු කියන එක්සත් ජාතික පක්ෂයේ සමහර අයට එදා ජයග්‍ර‍හණය කළේ කොහොමද කියලා මතක නැහැ. ආයේ ඒක තේරෙන්නේ තනියම ගිහිල්ලා ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජය වුණොත් විතරයි. නමුත් ජනාධිපතිවරණයට එන්නේ කවුද කියන එක එක්සත් ජාතික පක්ෂය තීරණය කළ යුතුයි..”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

Post Views: 13
Previous Post

පොහොට්ටුවේ නායකත්වයට මහින්දට ….. ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

Next Post

ලියාපදිංචි වී ඇති ලාභ නොලබන ආයතන ගැන සොයා බැලියි යුතුයි – ඇමැති වජිර

editor

editor

Next Post

ලියාපදිංචි වී ඇති ලාභ නොලබන ආයතන ගැන සොයා බැලියි යුතුයි - ඇමැති වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved