• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පෙළ පොත්වල ඇති මතවාදී අදහස් ගැන කඩිනම් විමර්ශනයක් – අගමැති

27 December 2019
in දේශීය

රට බෙදීමේ අරමුණින් සිංහල බෞද්ධ ජනතාව විනාශ කිරීමට, සිංහල, දෙමළ, ක‍්‍රිස්තියානි, හින්දු සියළු දෙනාගේම පවුල් සංස්ථා බිඳ දැමීමට, දරුවන් සහ දෙමාපියන් අතරත් දරුවන් සහ ගුරුවරුන් අතරත්, දරුවන් සහ ආගම් අතරත්, සම්බන්ධතා බිඳ දැමීමේ බලගතු වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා අද(27) වව්නියාවේ ඉට්ටපෙරියකුලම් පැරකුම් මහ විද්‍යාලයේදී පැවති සමස්ත ලංකා දහම් පාසැල් නිපුණතා ඇගයීමේ උත්සවය අමතමින් කියා සිටියේ මේ රටේ දහම්පාසල්වල ඉගෙනුම ලබන්නේ සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාවය ඉදිරියට ගෙන යා යුතු පරම්පරාව බවයි.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” ලංකාව යටත් විජිත බලවතුන්ට නතුවීමට පෙර අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වුයේ පන්සලයි. ළමා පරපුර බුද්ධ දර්ශනයට, බෞද්ධ දිවිපෙවෙතට, බෞද්ධ සම්ප‍්‍රදායට, පන්සලට ලං වන්නේ දහම්පාසල තුලින්. බෞද්ධ පවුල් පන්සලට ලං වන්නේ දහම් පාසල තුලින්. අපේකම, සිංහල බෞද්ධ සභ්‍යත්වය, අපේ සම්ප‍්‍රදායන්, දේශීයත්වයට ඇති නැඹුරුව, රඳා පවතින්නේ ගිහි ප‍්‍රජාවත් පන්සලත් අතර පවත්වන සම්බන්ධතාවය මතයි. පාසල් ළමුන්ට බෙදා දෙන පෙළ පොත්වල මුළු ළමා පරපුරේම හිත් විකෘති කරන ආකාරයේ දේවල් ඇතුළත් වන බව මේ රටේ ප‍්‍රධාන පෙළේ විද්වත් භික්ෂූන් වහන්සේ සෑම විටම පෙන්වා දී තිබේ. ඇතැම් පෙළ පොත්වල උතුරු නැගෙනහිර පළාත් දෙක එක් පළාතක් වශයෙන් හදුන්වා දී ඇතැයි ගිහි සංවිධාන පෙන්වා දී තිබේ. සිංහල අලූත් අවුරුද්ද සමහර පෙළ පොත්වලින් ඉවත්කොට ඇත. මහා සංඝරත්නයේ මඟ පෙන්වීම යටතේ, මේ රටේ දහම්පාසල් අධ්‍යාපනයට දරුවන් සහ තරුණ තරුණියන් වැඩි වැඩියෙන් ආකර්ශනය කරගැනීමට වැඩපිළිවෙලක් යෙදීමට අපේක්ෂා කරන බව ”  අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

 දිලිනි සමන්මලි 

Post Views: 24
Previous Post

දැනට තියෙන යන්ත්‍රවලින් උපරිම වැඩ ගන්න – ඇමති ජොන්ස්ටන්

Next Post

මධ්‍යම පළාතේ පාසල් 126 ක් මත්රකුසාට ගොදුරු වෙලා

editor

editor

Next Post

මධ්‍යම පළාතේ පාසල් 126 ක් මත්රකුසාට ගොදුරු වෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved