• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොට්ටුවේ හොඳ සෙල්ලම් ගැන ඇමැති සජිත් කියයි

30 September 2018
in දේශීය

පොහොට්ටුව ඇතුළේ දැන් හොඳ හොඳ සෙල්ලම් සිදු වන බවත් 2020 දී මොකටද සැරසෙන්නේ කියා පොහොට්ටුවේ බුද්ධිමත් පිරිසකට දැන් තේරී තිබෙන බව නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අම්පාර දිස්ත්‍රික්කයේ දමන, ජයන්තිපුර ඉදි වු බියෝවැඩිගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “2020 දීත් රටේ අයිතිය, භූමියේ අයිතිය, රාජ්‍යත්වයේ අයිතිය මෙන්ම ජනපතිකම හා අගමැතිකම එක් පවුලකට ලබා ගන්නට සුදානම් වන බව අද ඔවුන්ට තේරී තිබෙනවා. අද ඔවුන් එළිපිට ප්‍රශ්න කරනවා. ජනාධිපති, අගමැති වෙන්නට පුළුවන් රාජපක්ෂලට පමණද කියා ඔරිජිනල් ශ්‍රී ලංකා කාරයෙක් වන කුමාර වෙල්ගම හිටපු ඇමතිතුමාත් දැන් ඒ ගැන ප්‍රශ්න කරනවා. එක් පවුලකට පමණක් රටේ අයිතිය සින්නක්කරව ලබා දුන්නා නම් දිවංගත රණසිංහ ප්‍රේමදාස මාගේ පියාණන්ට නාගරික මන්ත්‍රීකමේ සිට ජනාධිපතිකම දක්වා එන්නට පුළුවන්ද? හැකියාව, දක්ෂතාවය, කැපවීම, කඩිසරකම හා අධිෂ්ඨානය තිබෙනවා නම් ගමේ සිටින අසරණ දූ දරුවන්ටත් මන්ත්‍රී, අගමැති, ජනාධිපති වන්නට පුළුවන්. ඒ අයටත් සිහින මවන්නට පුළුවන්. නමුත් කවමදාකවත් පොහොට්ටුවේ යුගයක් තුළ එය ඉටු කර ගන්නට බැහැ. පොහොට්ටුවේ කුමාර වෙල්ගම වැනි නායකයින් අද එළිපිට ඒ ගැන ප්‍රශ්න කරන්නේ මේ නිසා තමයි. රටේ නායකත්වය ලබා දීම පුද්ගලයෙකුගේ වාසගමින් තීරණය කරන්නට හොඳ නැහැ.
මගේ පියා හිටපු ජනාධිපති මෙන්ම හිටපු අගමැති. මගේ පියා ජනාධිපති හා අගමැති වූ පමණින් මට රටේ නායකත්වයට උරුමයක් නැහැ. මා එයට සුදුසු නම්, මට හැකියාව තිබේ නම්, පොඩි මිනිසා වෙනුවෙන් මහන්සි වෙනවා නම්, එවිට එය ජනතාවට තීන්දු කරන්නට පුළුවන්. දේශපාලනය තුළ අප ගෙදර යැවීම හෝ දිනවීම තීරණය කිරීම රටේ ජනතාව සතුයි. එය තීරණය කිරීමේදී සොයා බලන්න ඕනෑ හැකියාව, දක්ෂතාවය මිසක්, පවුල් පසුබිම හෝ මවගේ පියාගේ නාමය, වාසගම නොවෙයි. ප්‍රධාන තැන ලබා දිය යුත්තේ හැකියාව, දක්ෂතාවය හා කැපවීමටයි. රටේ නායකත්වය තීරණය කළ යුතු මිනුම් දඩු මේවායි. රටේ රාජ්‍ය බලය එක පවුල් පරපුරකට පමණක් හිමි වී තිබුණානම් අද මෛත්‍රීපාල සිරිසේන නැමැති ගොවි පවුලක උපත ලැබූ කෙනෙකුට රටේ විධායක ජනාධිපති වන්නට බැහැ. සාමාන්‍ය පුද්ගලයෙකුට පොඩිම තැන සිට රටේ ඉහළම තැනට යන්නට ශක්තිය ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

Post Views: 9
Previous Post

හෝමාගම තාක්ෂණ නගරයේ ඉදිකිරිම් සිග්‍රයෙන් – අතිරේක ලේකම් වෛද්‍යරත්න

Next Post

බැඩ්මින්ටන් ක්‍රීඩකයින්ගේ ගැටළුවට ඇමති මැදිහත් වෙයි

editor

editor

Next Post

බැඩ්මින්ටන් ක්‍රීඩකයින්ගේ ගැටළුවට ඇමති මැදිහත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved