• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බුද්ධ රශ්මි ජාත්‍යන්තර වෙසක් දින සඟරාව එළි දැක්වේ

10 June 2023
in Uncategorised

ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානය විසින් නිකුත් කරනු ලබන ‘බුද්ධ රශ්මි’ සඟරාව එළි දැක් වේ.

ඒ, මල්වතු විහාර පාර්ශවයේ කාරක සංඝ සභික උඩුගොඩ ශ්‍රී ධම්මක්කන්ද , ගෙලිඔය තෙලඹුගල ශ්‍රී නි‍ග්‍රෝධකෙත්ත පිරිවෙණාධිපති ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති යන ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සංඝ රත්නයේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07 වනදා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදීය.

වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම සඟරාව ආර්ථික අපහසුතා මධ්‍යයේ වූවද නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිය ස්තූතිය මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානය වෙත පුද කිරීම සදහා මෙහිදී කටයුතු කළ අතර, ශ්‍රී ලාංකීය ඉතිහාසය, සංස්කෘතිය ඉතා සුවිශේෂී බවත් ඒ සම්බන්ධයෙන් වර්තමාන පරපුරට ඇති දැනුම ඉතා අල්ප බවත් මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය.
වැඩිහිටියන්ගේ ආකල්ප සංවර්ධනය කිරීමටත් වඩා අද දවසේ දරු පරපුරේ ආකල්ප සංවර්ධනය කිරීම මගින් හෙට දවසට හෝ රටට ජාතියට සංස්කෘතියට හිතැති මතු පරපුරක් නිර්මාණය කළ හැකි වන බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සදහන් කර සිටියේය.

මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානයේ සභාපති විලමසේන කළුගමගේ, ආණ්ඩුකර සම්බන්ධීකරණ ලේකම් වී.එන් .විජේරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙ අවස්ථාවට එක්විය.

Post Views: 24
Previous Post

නෙදර්ලන්ත තානාපතිනිය සහ ජාතික ජන බලවේගය නායක අනුර අතර හමුවක්

Next Post

ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ වර්ග 286 ක සීමා ඉවත් කළා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ වර්ග 286 ක සීමා ඉවත් කළා - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved