• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බුදු පුත් සුරක්‍ෂා රක්‍ෂණය තුළින් මහා සංඝරත්නයේ මෙන්ම බුද්ධ ශාසනය ද ආරක්‍ෂා කරනවා – අගමැති

26 June 2019
in සංවර්ධන

බුදු පුත් සුරක්‍ෂා රක්‍ෂණ ක්‍රමය ක්‍රියාවට නංවන්නේ මහා සංඝරත්නයේ මෙන්ම බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව සඳහා බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙම රක්‍ෂණ ක්‍රමය ඉදිරියේදී අනෙකුත් ආගම්වල පූජකතුමන්ලා වෙනුවෙන් ද ක්‍රියාත්මක කරන බව අද (26) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලාංකීය භික්‍ෂුන් වහන්සේලා වෙනුවෙන් ක්‍රියාත්මක කරන “බුදු පුත් සුරක්‍ෂා” රක්‍ෂණ ක්‍රමය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් කියා සිටියේය.

මේ වනවිට බුද්ධශාසන අමාත්‍යංශය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ඇතුළු රජයේ සියලූම ආයතන බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් ගත වූ වසර හතර, පහ තුළ රුපියල් මිලියන 7000 කට ආසන්න මුදලක් වෙන් කර ඇති බවත් මෙතරම් විශාල මුදලක් බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් වෙන් කළ වෙනත් ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ නොතිබූ බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “ශ්‍රී ලංකාව තුළ බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීමට අපි දේශපාලන භේද පසෙකින් තබා කටයුතු කළ යුතුයි. ගමේ පන්සල් දියුණු කිරීම විශේෂයෙන් කළ යුතුයි. නගරයේ විහාරස්ථානවලට යම් තරමකින් මූල්‍ය ශක්තියක් තිබෙනවා. එම නිසා ග්‍රාමීය, නාගරික භේදයකින් තොරව රටේ බෞද්ධ විහාරස්ථාන ආරක්‍ෂා කිරීම හා දියුණු කිරීම රජයෙන් සිදුවිය යුතු කාර්යයක්. බුදු පුත් රක්‍ෂණ වැඩසටහන යටතේ සංඝයා වහන්සේලා පමණක් නොව සංඝයා වහන්සේලාගේ දෙමව්පියන් රැක බලාගැනීමට අවශ්‍ය වියදම් පිළිබඳවත් අවධානය යොමු කරනවා. රාජ්‍ය අනුග්‍රහය සහිතව අප මෙම වැඩසටහන ආරම්භ කළේ අනාගතයේත් සංඝයා වහන්සේලාගේ සුරක්‍ෂාව අරමුණු කරගෙන යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මෙහිදී අමරපුර නිකායේ උත්තරීතර මහා නායක ත්‍රිපිටක විශාරද අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක ස්වාමීන් වහන්සේ, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක ස්වාමීන් වහන්සේ, ශ්‍යාමෝපාලී මහා නිකායේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද අනුනායක ස්වාමීන් වහන්සේ යන ස්වාමීන් වහන්සේලා අනුශාසනා පැවැත්වූ අතර, මෙම අවස්ථාවට ත්‍රෛනිකායන් නියෝජනය කරමින් මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්ලා, කථානායක කරූ ජයසූරිය, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉදුනිල්, හර්ෂණ රාජකරුණා, යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

 

Post Views: 13
Previous Post

කාටත් පිළිගන්න පුළුවන් එකම නීතියක් ඕන බව බැසිල් කියයි

Next Post

මිල්කෝ අලෙවිය මිලියන 900 පනී

editor

editor

Next Post

මිල්කෝ අලෙවිය මිලියන 900 පනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved