• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බෝගම්බර බන්ධනාගාරය දැන් නිදහසේ කේන්ද්‍රස්ථානයක් බව අගමැති කියයි

27 August 2019
in දේශීය

සිරගෙදරක්ව පැවැති බෝගම්බර බන්ධනාගාරය දැන් නිදහසේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඒ නිදහස ඔස්සේ ඉදිරියට යනවා ද නැතිනම් අතීතයට ගොස් යළි සිරගත වනවා ද යන්න තීරණය කිරීම ජනතාව සතු කාර්ය භාරයක් බවයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය (24) පෙරවරුවේ බෝගම්බර, මහනුවර බෝගම්බර සංස්කෘතික උද්‍යානයේ පළමු අදියර විවෘත කරලීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

ජපානයේ අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ (H.E. Shinzō Abe) මහතාගේ සහය ඇතිව මහනුවර නගරය ජපානයේ ඓතිහාසික නාරා නගරයට සමාන්තරව සංවර්ධනය කරලීමේ සැලසුම් සකස් කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය අඩපණවීමට ඉඩනොදී යළි නංවාලීමට රජය පියවර ගත් බව ද ඒ නිසා අප රට යළි යථාතත්වයට පත් කර ගැනීමටත්, සංචාරක කර්මාන්තය නංවාලීමටත් හැකි වූ බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා ” ඇතමුන් ආර්ථිකය කඩා වැටේවියැයි නොයෙක් ප්‍රකාශ සිදුකළා. පාස්කු ප්‍රහාරයෙන් පසු මාස 03ක කාලයක් අපහසු තත්වයක් තිබුණත් ක්‍රමානුකුලව ආර්ථිකය දියුණු වෙමින් ආයෝජන පැමිණෙමින් තිබෙනවා. රටට බෝම්බ ප්‍රහාර එල්ලවුවත්, අපට දෝෂාරෝපණ එල්ල කළත් රට ඉදිරියට ගෙන යෑමේ වැඩ කටයුතු අපි ඉදිරියටම ගෙන ගිය බව සඳහන් කළ යුතුයි. අපි නිදහසට හේතු සඳහන් කළේ නැහැ. එම ප්‍රහාරයට සැබෑ හේතු සේවීමට පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් අප ඇති කළා.
පළමුව ප්‍රහාරයට සම්බන්ධ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් සියල්ලම අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ලැබුවා. සියලූ අභියෝග හමුවේ වුවත් ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක කිරීම, අළුතින් සමෘද්ධි සහනාධාර ලබාදීම ඇතුළු විශාල වැඩකොටසක් සිදුකළා. කිසිම අවස්ථාවක රට කඩා වැටීමට අප ඉඩ තැබුවේ නැහැ. සංචාරක ව්‍යාපාරය මේ නොවැම්බර් මස සිටම වැඩිදියුණු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. එම සැලසුම් තුලින් පැමිණෙන සංචාරකයින්ගෙන් උපයන ආදායම හෝටල්වලට පමණක් සීමා නොවී හෝම්ස් ස්ටේ හා ත්‍රීරෝද රථ හිමියන්ටත්, අනෙකුත් අංශ වලටත් හිමිවෙන බව සඳහන් කළ යුතුයි. මෙම ස්ථානයේ පිහිටි හිරගෙදර නිදහසේ කේන්ද්‍රයක් බවට පත්කර තිබෙනවා. ඒ වගේම මහනුවර ප්‍රධාන නගරයක් බවට පත්කර නවීන ලෝකය හා සම්බන්ධ කිරීමට පියවර ගන්නවා. තවත් වසර 5කින් එහි ප්‍රතිඵල ඔබට ලැබෙන බව සඳහන් කරන්න කැමතියි. අපි මේ දියුණුව ඉදිරියට ගෙනියනවාද, නැතිනම් පැරණි තත්වයට පත්වෙනවාද, කියා ඔබෙන් අහන්න කැමතියි. අපි මෙය නිදහසේ කේන්ද්‍රයක් බවට පත්කරනවාද, නැතිනම් සිරගෙට යනවාදැයි යන ඔබේ තීරණය මත මහනුවර අනාගතය තීරණය වන බව සඳහන් කරන්න කැමතියි යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා, මහනුවර නගර සභාවේ නගරාධිපති කේෂර සේනානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවී සිටියහ.

 

Post Views: 12
Previous Post

ජනපති අපේක්ෂකත්වයට ශ්‍රීලනිප හිටපු මහලේකම්වරයෙක්

Next Post

දිනන එක පරදින එක තීරණය කරන්නේ මමයි – ජනපති දැඩි තීන්දුවක

editor

editor

Next Post

දිනන එක පරදින එක තීරණය කරන්නේ මමයි - ජනපති දැඩි තීන්දුවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved