• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මගේ ක්‍රමය වෙනස් … රටට සුභවාදී දේවලට සහාය උපරීමව ලබා දෙනවා -රාජ්‍ය අමාත්‍ය දුමින්ද

5 December 2019
in දේශීය

තමාගේ වැඩපිළිවෙල වෙනස් බවත්, එය ලෝකයා සමඟ යන ගමනක් බවත් ඒ සඳහා සියළු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

තරුණයෙකු වශයෙන් තරුණ කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ අද (05) දින වැඩ භාරගත් අවස්ථාවේදී දුමින්ද දිසානායක මහතා කියා සිටියේ මේ රටේ තරුණ පිරිස් එක්කොට තරුණ්‍යයේ පරිවර්තන යුගයක් ඇති කල යුතු බවයි.

ඒ සඳහා වැඩපිළිවෙලක් ඇති බවත් එය ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසිය. මේ වන විට රටේ සිටින තරුණයින් දේශපාලන වශයෙන් කලකීරිම් ඇතිව ඇති අතර එම තත්ත්වය තුරන් කල යුතු බව ඔහු කියා සිටියේය. රටක් ඉදිරියට යාමට නම් සිස්ටම් එකක් අවශ්‍ය බවත් එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සතුව ඇති බව දිසානායක මහතා අවධාරණය කළේය. ඔහු උදාහරණයක් පෙන්වා දෙමින් කියා සිටියේ මෙරට කුණු ප්‍රශ්ණය පසුගිය දිනවල බහුලව පැවැතිව ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වී කෙටි කාලයේදීම එම කුණු ප්‍රශ්ණය විසදු බවයි.

ලැබුණු තනතුරු කිසි දෙයක් ගෙනියන දේවල් නොවන අතර එය තාවකාලික දේවල් බවත් ඉන්නා කාලයේදී හොඳ දේ පමණක් කලයුතු බව ද දිසානායක මහතා අවධාරණය කළේය.එසේම දේශපාලනය කරන විට පිල් බෙදුනට දිනපු අය විදිහට රට වෙනුවෙන් ඉටු කල යුතු යුතුකම් කල යුතු අතරම පැරදුන අය වශයෙන් රට අරාජිකත්වයට පත් නොකර දිනපු අයට ඊරිෂ්‍යයා නොකර රට ඉදිරියට යන්න කටයුතු කල යුතුය.
එමෙන්ම මේ වන විට තරුණ පරපුර හිතන දේ සංවාද ඇති කල යුතු දේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඉදිරියේදී ඒ පිළිබඳව තමා මැදිහත් වී කටයුතුකරන බව හෙතෙම පැවසිය.

මෙම මාධ්‍ය හමුවේදී TTVnews.lk වෙබ් අඩවිය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගෙන් ජනාධීපතිවරණයට පෙර පොරොන්දු වු ආකාරයේ කැබිනට් අමාත්‍ය ධුර නොලැබීම සම්බන්ධයෙන් විමසා සිටියේය. එයට පිළිතුරු ලබා දුන් දුමින්ද මහතා කියා සිටියේ රටක් දිනවන වැඩපිලිවෙල තමාගේ සහාය දුන් බවත් තනතුරුවලට නොවන බවයි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර අත්සන් කල ගිවිසුමට අනුව අදාල කටයුතු ඉටු වනු ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමේ වැඩපිළීවෙලක් මිසක් ලාභ ප්‍රයෝජනය ගැනීමේ වැඩපිලිවෙලක නොසිටි බවයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ වෙනස් සිදු නොවන අතර ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ඉදිරිපත් වන්නේ කෙසේ යන්න පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බව දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 7
Previous Post

LTTEයට අරමුදල් රැස්කළ දොළොස්දෙනෙකු ට ස්විස් අධිකරණයකින් නිදහස…

Next Post

මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම් පරික්ෂණයක්

editor

editor

Next Post

මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම් පරික්ෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved