• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මඩින් නොව, ගොඩින් එන්න ඇමැති රාජිතගෙන් අභියෝගයක්

1 June 2019
in දේශීය

දුප්පත් ජනතාව වෙනුවෙන් ආරම්භ කළ සෞඛ්‍ය සේවාවන් විවේචනය කරන පුද්ගලයින්ට “මඩින් නොව ගොඩින්” එන ලෙස තමන් අභියෝග කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට දෙවන වරටත් පත් වීමෙන් අනතුරුව අද (01) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී රැස්ව සිටි පිරිස ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යවරයා  “සෞඛ්‍ය සේවාව තුල මම ඉටු කළ කාර්යයන් දේශපලන කොණයෙන් බලලා විවේචනයට ලක් කරනවා. රජයට පවහර ගහනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවැනි තනතුරු ලබාදෙන්නේ දේශපාලන කෝණයෙන් බලන්නේ නැතිවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු සාමාජිකයින් 35 ක් සහභාගි වූ රැස්වීමේ දී මට උපසභාපතිවරුන් අතර පළමු උප සභාපතිධූරය ලබාදුන්නා. මගේ උපන් දිනය දා ලැබුනු එම උපසභාපතිධූරය ත්‍යාගයක් ලෙසයි මා සළකන්නේ. විධායක කමිටු සාමාජිකයින් ද ලංකාවේ සෞඛ්‍ය සේවාව හොද සෞඛ්‍ය සේවාවක් බව පිළිගනු ලැබූවා. මෙම උපසභාපතිධූරය හිමිවන්නේ අප විසින් ඉටු කළ වැඩකොටස දෙස බලයි. මෙම තනතුර රටට කීර්තියක්. අපි ගන්නා තීන්දු තීරණ වල ප්‍රතිඵල දුප්පත් ජනතාවටයි. එම තීන්දු තීරණ වල ප්‍රතිඵල ඉදිරියේ දී ජනතාවට ලබාගන්න පුළුවන්. මෙම ගමන විවිධ බාධක මැද තමයි සිදු කළේ. දුප්පත් ජනතාව වෙනුවෙන් ඉටු කරන සේවාවන් එම බාධක බිද දමමින් ඉදිරියටම සිදු කරනවා. මම දේශපාලනයට පැමිණියේ ධනවතුන්ට සේවය කිරීමට නොව දුප්පතුන්ට සේවය කිරීමටයි. මෙම සේවාව ඉටු කිරීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය ලබාදෙන සහයෝගය මම අගය කරනවා.”

“මම හදවතට එකගව රට වෙනුවෙන් සේවය කරනවා. මම අවංකව වැඩ කරන්නේ. අපගේ පරමාර්ථ අමතක කරන්නේ නැහැ. දේශපාලනයට පැමිණි හේතුව මම හොදින් දන්නවා. ලබන අගෝස්තු 25 වන විට පාර්ලිමේන්තු දිවියට වසර 25 ක් සපිරෙනවා. මෙම සෞඛ්‍ය සේවාවන් ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන් සමගයි. ඇතැම් නිලධාරීන් බයෙන් තීන්දු තීරණ ගන්නවා. පවතින නීතිරීති වලට යටත් වෙලාම වැඩ කරන්න බැහැ. නීති රීති වල පවතින බාධා ඉවත් කර ගනිමින් ජනතාවට සේවය කළ යුතුයි. ඒ සෞඛ්‍ය සේවාව දියුණු කිරීමටයි. රටක සෞඛ්‍ය දියුණු කිරිම එරට ආර්ථීක සංවර්ධනයට හේතුවක් බව ලෝක බැංකුව ද ප්‍රකාශ කර තිබෙනවා. ධනපතීන්ට උදවු කිරීමට බොහෝ පිරිසක් සිටියත්, දුප්පත් ජනතාව සේවය කරන්න සිටින්නේ අවම පිරිසක්. මම ජනතාව කෙරෙහි විශ්වාසය තබා සිටිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මට ලබාදුන් තනතුර අයිතිවන්නේ මාව විශ්වාස කරමින් පාර්ලිමේන්තුවට යැවූ ජනතාවටයි. මම රැකියා පවා ලබාදී තිබෙන්නේ දුප්පත් ජනතාවටයි. විවේචන මට හොදට පුරුදුයි. එම විවේචන මත මම ඉදිරියට ගමන් කරනවා. මඩ ගහන අයට මම කියන්න කැමැතියි මඩින් නොව ගොඩින් එන්න කියලා. හොද වැඩ කරන අයට බැනුම් අහන්න සිදු වෙනවා. අපි සෞඛ්‍ය සේවාවට ඉටු කළ වැඩකොටස ජනතාවට තේරෙන විට තවත් කාලයක් ගත වෙනවා. මට ඉටු කිරීමට නොහැකි වන සේවාව මගේ පුතා ඉටු කරන බව මට විශ්වාසයි.” යැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බාලසූරිය, අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂවරු, ආයතනවල සභාපතිවරු, ඇතුලු අධ්‍යක්ෂවරුන් මෙන්ම විශාල ජනකායක් ද එක් වූහ.

Post Views: 6
Previous Post

ජනාධිපතිවරණය දෙසැම්බර් 07 වනදා – ජනපති

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක කුසලාන එක්දීන තරඟයේ පලමු තරඟයෙන්ම පරාජයට පත් වෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක කුසලාන එක්දීන තරඟයේ පලමු තරඟයෙන්ම පරාජයට පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved