• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මන්ත්‍රී පාඨලිව අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක්

19 December 2019
in දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (18) දින අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරිමක් බව පැහැදිලිව පෙනි යන බව පැහැදිලි බව කථානායක කාර්යාලය පවසයි.

එම කාර්යාලය නිවේදනය කළේ පසුගිය වසර 04 ක කාලය තුළ මෙම සම්ප්‍රදාය වෙනුවෙන් දැඩිව පෙනී සිටි එවකට විපක්ෂය නියෝජනය කළ පාර්ශවය රාජ්‍ය බලය ලබා ගත් සැනින්ම එම සම්ප්‍රදාය උල්ලංඝනය වීමට ඉඩ හැරීම විමතියට හා කණගාටුවට කරුණක් බවයි.

එම නිවේදනයේ මෙසේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තුවේ පුර්වගාමි කථානායකවරුන් විසින්ද පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරනු වස් අනුගමනය කරනු ලැබ ඇති මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාළ පිළිවෙත මෙවැනිම සිද්ධීන් සම්බන්ධව හිටපු ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා විසින් ලබාදුන් තීරණ මඟින්ද අවධාරණ කර ඇති බව 2015.03.03 දින 232/12 සහ 2015.04.21 දින 234/6 හැන්සාඩ් වාර්තා තුළින් පැහැදිලි වේ.

වත්මන් කථානායක කරු ජයසුරිය මැතිතුමා විසින්ද මෙම සම්ප්‍රදාය තවදුරටත් ශක්තිමත් කළ අතර සිය ධූර කාලය තුළ මේ දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමට පෙර කථානායකවරයා දැනුවත් කළ යුතුය යන්න මත පිහිටා කටයුතු කර ඇත.

විශේෂයෙන්ම පසුගිය වසර 04 ක කාලය තුළ මෙම සම්ප්‍රදාය වෙනුවෙන් දැඩිව පෙනී සිටි එවකට විපක්ෂය නියෝජනය කළ පාර්ශවය රාජ්‍ය බලය ලබා ගත් සැනින්ම එම සම්ප්‍රදාය උල්ලංඝනය වීමට ඉඩ හැරීම විමතියට හා කණගාටුවට කරුණකි.

කිසියම් වරදක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරිම රජයක පැහැරහල නොහැකි වගකීමක් වන අතර එහිදී නිතියට ගරු කිරිමට සියලු පුරවැසියන් බැඳි සිටින බවට කිසිදු විවාදයක් නොමැත.

නමුත් එහිදි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන නියෝජිත වරප්‍රදාස සම්බන්ධයෙන් වන පිළිවෙත උල්ලංඝනය කිරිම, ප්‍රජානත්ත්‍රවාදි පාලන ක්‍රමයක වැදගත් සම්ප්‍රදායන් අභියෝගයට ලක් කිරිමක් පමණක් නොව එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීමක භායානක පෙර නිමිත්තක් බවද පෙන්වා දෙමු.

කථානායක කාර්යාලය

Post Views: 17
Previous Post

නැවතත් දේශපාලන දඩයමක් – තිස්ස අත්තනායක

Next Post

මාර්තු 03 වනදාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – ජනපති

editor

editor

Next Post

මාර්තු 03 වනදාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved