• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මනුෂගේ නම විකුණා ජපන් රැකියා ජාවාරමක යෙදුන සැකකරුවෙක් අත්අඩංගුවට

23 February 2019
in දේශීය

මනුෂ නානායක්කාර මහතා මාර්ගයෙන් ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් කිරීමේ ජාවාරමක යෙදුණ සැකකරුවෙක් ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල හපුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීමට හැකි බවත් ඒ සදහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් අවශ්‍ය බවත් පවසමින් මොහු විදෙස් රැකියා ජාවාරමේ යෙදී ඇත. ඒ අනුව එක් තරුණයෙක්ගෙන් රුපියල් ලක්ෂ දෙකක් ලබාගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී පොලීසියේ උපායධූතයින් යොදවා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කිසිදු අවස්ථාවකදී විදේශ රැකියාවක් ලබාගැනීම සදහා තැරැව්කරුවන්ට මුදල් ලබාදීමට අවශ්‍ය නැතැයි මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

“රජය මගින් වැඩි ආදායම් ලබාගත හැකි විදේශ රැකියා අවස්ථාවන් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ජපානයේ නව රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. ජපානයේ රැකියා අවස්ථාවන් ලබාදෙන්නේ නොමිලේ. ඒ සදහා කිසිදු අයෙක්ට මුදල් ලබාදිය යුතු නැහැ.

කිසියම් අයෙක් විදේශ රැකියා ලබාදීම සදහා මුදල් එකතු කිරීමේ ජාවාරමක යෙදෙනවානම් ඒ පිළිබද වහාම දැනුවත් කරන්න. ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා“ මේ පිළිබද අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

ගාල්ල පොලීසියේ අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන්වරුන් වන උදය කුමාර, මහිලාල් සහ පොලිස් කොස්තාපල් රෝහණ මෙම මෙහෙයුමට සම්බන්ධවූහ.

Post Views: 5
Previous Post

විදුලි පාරිභෝගිකයා පහසුවට නව ඇමැතුම් මධ්‍යස්ථානයක්

Next Post

ජනපති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ හදිසි නිරික්ෂණයක්

editor

editor

Next Post

ජනපති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ හදිසි නිරික්ෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved