• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම කට ඇරියොත් ප්‍රශ්ණයක්

11 June 2018
in ක්‍රීඩා

ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමන්ට 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් නොවී ජනතා ජන්දයෙන්ම පාර්ලිමේන්තු එන්න ලැබේවා කියා සුභ ප්‍රාර්ථනා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ රාජාංගනය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධායකවරයා, “ ඩිලාන් පෙරේරා මැතිතුමා මේ දින වල මාධ්‍ය මගින් මට විවිධ චෝදනා එල්ල කරනවා.එතුමා මගේ වගේම, මගේ පියාගේ හොඳ යාලුවෙක්, එතුමන්ට මම එක ඉල්ලීමක් කරනවා එතුමා අමනාප ජනාධිපතිතුමත් එක්ක නම් ඒක ජනාධිපතිතුමත් එක්කම බේරා ගන්න ඕනකම තියෙනවා.මම ඉතාම පැහැදිව මේ රටේ ඊළග ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි කියන කොට , ඩිලාන් මන්ත්‍රීතුමා කියලා තිබුණා දුමින්ද කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් ඔස් අබේගුණවර්ධන වගේ වෙන්න කියලා.ඒකේන් පෙන්නුම් කරන්නේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන එක එතුමලා පිළිගන්නේ නෑ කියන එකනේ.

එත් එක්කම මම ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමාට මම සුභ ප්‍රාර්ථනා කරනවා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නේ නැතිව, ජනතාවගේ ජන්දයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් මේ අභියෝග, මේ සටන් පාඨ, මේ මතවාදයන් දැරුවා නම් මීට වඩා රටේ ජනතාව එතුමා කියන දේවල් ගැන විශ්වාසයක් ඇති කරනවා.ඒ නිසා මම එතුමන්ට සුභ පතනවා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් නොවී ජනතා ජන්දයෙන්ම පාර්ලිමේන්තු එන්න ලැබේවා කියලා මම යාලුවෙක්, හිතවතෙක් විදිහට සුභ ප්‍රාර්ථනා කරනවා.

ඔය බොහෝ දෙනෙක් අද කෑ ගැහුවට, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක කවුද එළියට බහින්න හිටියේ, එදා ඇමතිකම පැත්තකින් තියලා , ගෑණූ දරුවෝ පැත්තකින් තියලා, යාන වාහන- ආරක්ෂාව පැත්තකින් තියලා, 2014 නොවැම්බර් මාසේ 21 වැනිදා අපි අතයි -පයයි එක්ක තමයි එළියට ආවේ.22 වැනිදා වන කොට අපේ ආරක්ෂාව අයින් කළා, වාහන ටික ගත්තා, ගෙවල් දොරවල් ගත්තා.හැබැයි අපිට කොන්දක් තිබුණා ඒ වෙලාවේ රටේ තිබුණ ප්‍රශ්නයට උත්තර හොයන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරන්න එළියට එන්න හයියක් තිබුණා.පක්ෂයක් රකින්න මට තනතුරු අවශ්‍යය නෑ,ඒ අයට වුවමනාවක් තියෙනවා නම් මාව ජාතික සංවිධායකකමිනුත් එළවන්න, ඒකෙන් ඒ අයට සැනසීමක් ලැබෙනවා නම් ඒකටත් මම ලෑස්තියි.මොකද මේ පක්ෂයේ හැමදේම කරන්නේ මම වගේ වෙලානේ.මම කට ඇරියොත් ප්‍රශ්නයක්.මමද මේ පක්ෂයේ ප්‍රධානියා.මම නෙමෙයි, ඇයි මෙතුමලා මේ මාත් එක්ක මෙතරම් වෛරයක්ද, භයක්ද මොකක්ද.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ , මේ ජාතික ආණ්ඩුව තුළ හා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරවීම තුළ එතුමන්ලාට නැති හයියක් අපිට තියෙනවා.ඒ හයිය අපි පෙන්වලත් තියෙනවා.ඒ වගේම අපි ඒ ගත්ත බලය අනිසි විදිහට පාවිච්චි කරලත් නෑ,දැන් සමහර කට්ටිය ජනාධිපතිතුමන්ගේ බලයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවට ඇවිත් දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට විරුද්ධවම කථා කරනවා.මේක කොච්චර කෙලෙහිගුණයක් තියෙන වැඩක්ද කියන කාරණය පිළිබඳව එතුමලා කල්පනා කරලා බලන්න ඕන.කෙනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වුණාට පස්සේ තමන්ව පත් කරපු කෙනාට අභියෝග කරනවා නම් ඒක හරිම හිරිකිතයි.එහෙම නම් එතුමන්ලාට පුලුවන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකමින් අයින් වෙලා ඒ අයගේ මතයක් දරන්න පුලුවන්කම තියෙනවා.විනිවිදභාවයක් ඇතිව, හෘද සාක්ෂියට එකඟව දේශපාලනය කරනවා නම් වඩා හොඳයි යැයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.

Post Views: 13
Previous Post

රනිල් වාර්තාවක් තැබු බව බන්දුල කියයි

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කරලා

editor

editor

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කරලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved