• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහා සඟරුවනට එරෙහි වීම රටේ අනන්‍යතාවයට සහ සභ්‍යත්වයට වින කිරීමක්

20 August 2019
in දේශීය

ඉතිහාසය පුරාම ශ්‍රී ලාංකේය සභ්‍යත්වය සංස්කෘතිය ජාතික හැඟීම ආරක්ෂා කළ මහා පවුර බවට පත් වුණේ භික්ෂුන් වහන්සේ බවත් එම පවුර දුර්වල කරවන සුළු ඕනෑම ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් තුළින් ශ්‍රී ලාංකික ජාතියෙහි අනන්‍යතාවය ට තර්ජනයක් ඇතිවන බවත් ඒ නිසා භික්ෂුන් වහන්සේ සම්බන්ධව කිසියම් ප්‍රකාශයක් නිකුත් කරන විට අතිශය වගකිවයුතු භාවයෙන් කටයුතු කළ යුතු බවත්, කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

කථානායකවරයා මේ බව පැවසුවේ කොත්මලේ දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් විද්‍යාලෝක පරිවේණාධිපති කහත්තේවෙල චන්ද්‍රජෝති නායක හිමියන් ට අක්තපත්‍ර පිළිගැන්වීම නිමිත්තෙන් මල්වතු පාර්ශවයේ අනුනායක අග්ග මහා පණ්ඩිත නියංගොඩ විජිතසිරි නායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, කොත්මලේ රාවණාගොඩ විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථානයේ දී පැවති උත්සවය අමතමනි.

එයට හේතුව, සිය ජීවිතයම අන් අයගේ ලෝ සසුන් අභිවෘධිය වෙනුවෙන් කැප කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පූජනීය වූ භික්ෂූන් වහන්සේලාටද එතුළින් යම් කැළලක් සිදුවන නිසා බවද හෙතෙම පැවසිය.

ආගම පමණක් නොව ශ්‍රී ලාංකීය සංස්කෘතිය භාෂාව සාහිත්‍ය මෙන්ම හෙළ වෙදකමද අධ්‍යාපනයද පරපුරෙන් පරපුරට ආරක්ෂා කළ මධ්‍යස්ථානය වන්නේ පන්සල බවත් ධර්ම ශාලාවෙන් සහ භික්ෂුන් වහන්සේගේ අවවාද වලින් දුරස් වූ සමාජය අසහනයෙන් පිරී ගිය බවත් කථානායකවරයා පෙන්වා දුන්නේය.

වැවිලි කර්මාන්ත ඇමති නවින් දිසානායක, හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි මෙම පූජෝත්සවය අමතමින් කථානායකවරයා සඳහන් කළේ වර්ථමානය වනවිට ලොව පුරා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශණය කෙරෙහි විශාල පැහැදීමක් ඇති වී තිබෙන බවත්, එහිදී මුළු ලෝකයටම දහම් පහස ලබා දීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කිරීමට පිරිසිදු ථෙරවාදී බුදුදහම පවතින ශ්‍රීලංකාවට හැකි බවත්ය. ඊට දැණුමෙන් සන්නද්ධ වියත් භික්ෂුන් වහන්සේලා ශ්‍රී ලංකාව තුළ නොඅඩුව වැඩ වසන බවද කථානායකවරයා පැවසීය.

 

Post Views: 14
Previous Post

මෛත්‍රී ජනපති සටන අතහරි 

Next Post

දුම්රිය කාර්යක්ෂමතා වැඩිකිරීමට ඇ.ඩො. මිලියන 160 ක මූල්‍ය ආධාර

editor

editor

Next Post

දුම්රිය කාර්යක්ෂමතා වැඩිකිරීමට ඇ.ඩො. මිලියන 160 ක මූල්‍ය ආධාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved